ඇමති ජී.එල්. සහ ඕස්ට්‍රේලියා අගමැතිනිය අතර හමුවක්.

Thursday, 20 June 2013 - 7:54

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B7%83%E0%B7%84++%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස්  ඕස්ට්‍රේලියානු අගමැතිනි ජූලියා ගිලාඞ් මුණගැසී සාකච්ඡා කර තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ කටයුතු සාර්ථක කරගැනීම සඳහා උපරිම සහය ලබාදෙන බව  ඕස්ට්‍රේලියානු අගමැතිනිය ප්‍රකාශ කර ඇති බව සඳහන්. මීට වසර දෙකකට පෙර පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවක්  ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වුණා. එහි අත්දැකීම්ද ශ්‍රී ලංකාවේ මෙවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සාර්ථක කරගැනීම සඳහා ලබාදීමට සූදානම් බවයි  ඕස්ට්‍රේලියානු අගමැතිනිය සඳහන් කර ඇත්තේ. මෙම කටයුතු සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහය දැක්වීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දෙදෙනෙකු පත් කිරීමටද  ඕස්ට්‍රේලියානු අගමැතිනි ජූලියා ගිලාඞ් විදේශ අමාත්‍යවරයා වෙත පොරොන්දු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

 

මෙහිදී දෙරටට වැදගත්වන ආර්ථික කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇති අතර  ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධී සංක්‍රමණිකයන් පැමිණීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇති බව සඳහන්.

 

යුද සමයේ ශ්‍රී ලංකාවේ සිට  ඕස්ට්‍රේලියාවට ගොස් සිටි සරණාගතයින්ට යළි දිවයිනට පැමිණෙන ලෙස ලක් රජය ආරාධනයක් කරනවා. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් කියා සිටියේ මේ වනවිට ශ්‍රී ලංකාවේ යහපත් තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.

 
මිනිස් ජාවාරම්කරුවන්ට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට අමාත්‍ය ජී. එල් පීරිස් මේ දිනවල  ඕස්ට්‍රේලියාවට ගොස් සිටිනවා. ඔහු එහිදී එරට විදේශ කටයුතු අමාත්‍ය බොබ්කා, ආරක්ෂක අමාත්‍ය ස්ටීවන් ස්මිත් සහ ආගමන හා විගමන අමාත්‍ය බ්‍රෙන්ඩන්  ඕ කොනර් හමුවී තිබෙනවා. සිය සංචාරය පිළිබඳ එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව වර්තමානයේ සියයට සියයක් ස්ථාවර මට්ටමක පවතින බවයි.