නීති ශිෂ්‍ය වෛද්‍යවරයා රිමාන්ඞ්. අංශාධිපතිනිය සුව අතට.

Thursday, 20 June 2013 - 7:56

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A.+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7.

නාවල විවෘත විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළදී විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ අංශාධිපතිනිය වන යශෝධරා කදිරගාමර්තම්බිට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකළ නීති උපාධි සිසුවා ලබන මස දෙවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. අත්අඩංගුවට ගත් එම සිසුවා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

 

අනතුරින් තුවාල ලැබූ විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ අංශාධිපතිනි යශෝධරා කදිරගාමර්තම්බි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සැත්කමක් සඳහා භාජනය කෙරුණා. ඇය තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර මේ වනවිට ඇයගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ.

 

ඊයේ දහවල් විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා පීඨයේ පිළිගැනීම් අංශය ඉදිරිපිටදී අංශාධිපතිනියට මෙම පිහි ඇණුම සිදුකර තිබුණේ එම විශ්වවිද්‍යාලයේ නීති උපාධිය හදාරණ ශිෂ්‍යයෙකු විසින්. ලියාපදිංචි වෛද්‍යවරයෙකු වන මෙම නීති ශිෂ්‍යයා යාපනය විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලැබූ ශිවඥානසුන්දරම් සුරේන්ද්‍රජිත් නැමති 40 හැවිරිදි පුද්ගලයෙක්.

 

 
කොළඹ 13 ශාන්ත බෙනඩික් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු නීති විෂයක් සඳහා ඉදිරිපත් කළ යුතු ව්‍යාපෘති වාර්තාවක් නියමිත දිනය පසුවී තිබියදී ඊයේ භාරදීමට පැමිණ තිබෙනවා. එහෙත් විශ්වවිද්‍යාල නීතිරීති අනුව අංශාධිපතිනිය එය භාරගැනීම ප්‍රතික්ෂේප කලා.  ඊට පළිගැනීමක් ලෙස ඔහු මෙම පිහි ඇනුම සිදුකර ඇති බවටයි පොලීසිය සැකකරන්නේ.  පිහි ඇනුම සිදු කිරීමෙන් අනතුරුව සැකකරු කිසියම් පෙති වර්ගයක් පානය කර සියදිවි හානිකරගැනීමට උත්සාහ කර තිබෙනවා. එහෙත් අවට සිටි සිසුන් සැකකරු අල්ලා පොලීසිය වෙත භාරදීමෙන් අනතුරුව සැකකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ තවමත් ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.



ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසක ඇදිරිනීතියද නොතකා තවදුරටත් විරෝධතා (වීඩියෝ)
Monday, 01 June 2020 - 21:48

අමෙරිකාවේ මිනෙසෝටා හිදී නිරායුධ කළු ජාතික තරුණයෙකු පොලිස්... Read More

UNP සාමාජිකයන්ට වෙනත් පක්ෂයක් පෝෂණය කරන්න බෑ - වජිර (වීඩියෝ)
Monday, 01 June 2020 - 21:31

එක්සත් ජාතික පක්ෂයෙන් සාමාජිකයන් පිරිසක් ඉවත් කිරීම සම්බන්ධයෙන්... Read More