මන්ත්‍රී දුමින්ද සිල්වා යළි පාර්ලිමේන්තුවට.

Thursday, 20 June 2013 - 8:17

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

පසුගිය පළාත් පාලන මැතිවරණය අවස්ථාවේදී හිසට වෙඩි වැදී මාරාන්තික තුවාල ලබා සිට, සුවය ලැබූ මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා වසර එකහමාරකට පසු ඊයේ යළි පාර්ලිමේන්තුවට පැමිණියා. මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණීමේදී විශාල ජනතාවක් පාර්ලිමේන්තු වටරවුම අසල රැඳී සිටියේ ඔහුට සුබපැතුම් පිරිනැමීම සඳහායි. මන්ත්‍රීවරයා එම ස්ථානයට ළඟාවීමත් සමග කොළොන්නාව සහ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ඔහුව මහත් හරසරින් උණුසුම් ලෙස පිළිගත්තා.

 

මෙම අවස්ථාවට කොළොන්නාව  නගර සභාවේ මන්ත්‍රීවරුන් මෙන්ම කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ද එක්වුනා.

 

මේ, ආර්. දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා යළි පාර්ලිමේන්තුව වෙත පැමිණීමේදී සුබපැතීම සඳහා එක්ව සිටි කොළොන්නාව නගර සභාවේ උප සභාපති සුරේෂ් කෝදාගොඩ, නාගරික මන්ත්‍රී සුදත් සේනක ඇතුළු කොළොන්නාව හා කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව දැක්වූ අදහස්.

 

[MP3]s61360[/MP3]