කුකුළේගඟ විදුලි උත්පාදනය ඇණහිටී.

Thursday, 20 June 2013 - 12:39

%E0%B6%9A%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%9A%E0%B6%9C%E0%B6%9F+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%87%E0%B6%AB%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%93.

කුකුලේගඟ ජලාශයේ විදුලිය නිෂ්පාදනය කිරීම මේ වනවිට තාවකාලිකව අත්හිටුවා ඇතැයි විදුලි ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළා. එහි විදුලිජනන යන්ත්‍රයක් හදිසියේ අක්‍රියවීම හේතුවෙන් එම ජලාශයේ විදුලි නිෂ්පාදනය මෙලෙස අත්හිටුවා ඇති බවයි එම සංගමයේ සභාපති නන්දික පතිරගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

 

පසුගියදා වාන් දැමූ වික්ටෝරියා ජලාශයේ විදුලිජනන යන්ත්‍ර තුනෙන් එක් යන්ත්‍රයක් හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් ක්‍රියාවිරහිත කර ඇති අතර මේ නිසා ජාතික විදුලිබල පද්ධතියට අහිමිවී ඇති විදුලි ධාරිතාව මෙගවොට් 70ක්. කුකුළේගඟ ජලාශයෙන් මෙගවොට් 75 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙනවා. මේ නිසා ඞීසල් බලාගාරවලින් විදුලිය ලබාගැනීමට සිදුව ඇති බව ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය චෝදනා කළා. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ එහි ලේකම් බන්දුල චන්ද්‍රසේකර.

 
[MP3]s61371_1[/MP3]                        

 

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී අදහස් දැක්වූ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නන්දික පතිරගේ.

 

[MP3]s61371_2[/MP3]          

 

 

කෙසේ වෙතත් ඇතැම් දේශපාලන පක්ෂ මීට පෙර චෝදනා කළේ විදුලිබල මණ්ඩලය තුළ විදුලි මාෆියාවක් ක්‍රියාත්මක වන බවයි. විදුලි බිල ඉහල දැමීමට එයද හේතුවක් බව ඔවුන්ගේ අදහස වී තිබුණා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ.

 
[MP3]s61371_3[/MP3]                      

 

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ද දක්වන්නේ ඊට සමාන අදහසක්.

 

[MP3]s61371_4[/MP3]        

 

දේශපාලන පක්ෂ දරණ මෙම අදහස් පිළිබඳව අප විදුලි ඉංජිනේරු සංගමයේ සභාපතිවරයාගෙන් විමසා සිටියා. ඔහු ඊට දැක්වූ ප්‍රතිචාරයයි මේ.

 
[MP3]s61371_5[/MP3]



හෙරොයින් කිලෝ ග්‍රෑම් 1.5ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු දිවුලපිටියේදී අත්අඩංගුවට
Tuesday, 02 June 2020 - 14:45

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ වැටලීමකින් රුපියල්... Read More

වගා වනසන මාවතගම පළඟැටියන් තවත් ප්‍රදේශ කිහිපයකට ව්‍යාප්ත වෙයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 14:15

කුරුණෑගල - මාවතගම ප්‍රදේශයෙන් වාර්තා වූ පළගැටි විශේෂය මේ... Read More

උඩවලව - දිග්ගල පාලමක් නැති මිනිසුන්ගේ කදුළු කතාව (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 14:12

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උඩවලව - දිග්ගල - මලබොටු... Read More