පොසොන් සතිය අදින් ඇරඹේ.

Thursday, 20 June 2013 - 12:46

%E0%B6%B4%E0%B7%9C%E0%B7%83%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.

මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී සංවිධාන කරන හිරු ශ්‍රද්ධාභිවන්දනා පොසොන් වැඩසටහන ඓතිහාසික ථූපාරාම පූජා භූමියේ සංවිධාන කර තිබෙනවා. එය ලබන 22 වැනිදා සහ 23 වැනිදා ථූපාරාම පූජා භූමියේදී පැවැත්වීමට නියමිතයි. එහිදී සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කුල කුමරුන් පූජා කිරීමේ පින්කමක් සංවිධාන කර ඇති අතර ඔවුන්ගේ අධ්‍යාපනය සහ ශාසනික අනාගතය වෙනුවෙන් හිරු ටී වී සහ හිරු එෆ් එම් කැපකරු දායකත්ව ක්‍රමයක්ද හඳුන්වා දීමට නියමිතයි. මීට අමතරව ජූනි මස 22 වැනිදා සියක් නමකගේ සහභාගීත්වයෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක්ද ථූපාරාම පින් බිමේදී පැවැත්වෙනවා.

 

ජූනි මස 23 වැනිදා ථූපාරාම මහ සෑ රදුන් සුවඳ මලින් පුදා ගුවනින් පුෂ්පෝපහාර දැක්වීමටද කටයුතු සූදානම් කර තිබෙනවා. අනුරාධපුරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන සුවිශේෂී පොසොන් වැඩසටහන වන හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහනට හිරු එෆ් එම් සහ හිරු ටීවී විසින් ආරධනා කර සිටිනවා. ථුපාරාම පින් බිමේ සංවිධාන කෙරෙන මේ ආගමික උත්සවය පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ගාමිණී සෙනෙවිරත්න අදහස් දක්වා සිටියා.

 

[MP3]s61376_1[/MP3]                     

 

මෙවර පොසොන් සතිය අදින් ආරම්භ වන අතර එය ලබන 26 වැනිදා දක්වා ක්‍රියාත්මකයි. පොසොන් උත්සවය නිමිත්තෙන් විශාල ජනතාවක් අනුරාධපුර පූජා භූමියට පැමිණෙතැයි අපේක්ෂා කරනවා. ථූපාරාමය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අනුරාධපුර පොසොන් උත්සවයට පැමිණෙන ජනතාවගෙන් දිස්ත්‍රික් ලේකම්වරයා විශේෂ ඉල්ලීමක් කළා.

 

[MP3]s61376_2[/MP3]                

 

 

මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුරයට පැමිණෙන ජනතාවට විශේෂ පහසුකම් රැසක් සැපයීමට එහි සංවිධායක කමිටුව සූදානම් වනවා. එහි පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් රැසක් රාජකාරියේ යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

 

මීට අමතරව අනුරාධපුරයට පැමිණෙන ජනතාව වැව් සහ ජලාශ පරිහරණය කිරීමේදී සැළකිලිමත්වන ලෙසද ඉල්ලීමක් කරනවා. ජල ස්නානය සඳහා වෙන් කර ඇති ස්ථාන පමණක් භාවිත කරන ලෙසයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.

 

පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුරයට පැමිණෙන ජනතාව වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රිය 9 ක් ලබන 22 වැනිදා සිට ධාවනයට එක්කර තිබෙනවා. ඒ පිළිබඳව පැහැදිළි කරන දුම්රිය ධාවන අධිකාරී එල්.ඒ.ආර්. රත්නායක.

 

[MP3]s61376_3[/MP3]                                 

 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයද පොසොන් උත්සවය වෙනුවෙන් හෙට සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව  එහි උප සභාපති එල්.ඒ. විමලරත්න කියා සිටියා.

 
[MP3]s61376_4[/MP3]



මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More

නොනවතින දෙවනගල ඉඩම් කොල්ලය (වීඩියෝ)
Friday, 29 May 2020 - 21:46

හිරු සී.අයි.ඒ. හරහා ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් ආක්‍රමණය... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 21:20

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548ක් දක්වා... Read More