ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්ණයක්.

Thursday, 20 June 2013 - 12:54

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

එංගලන්තයේ කාඩිෆ් හිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (20) පැවැත්වෙන ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය එරට ආරක්ෂක බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා. අද තරඟය පැවැත්වෙන කාඩිෆ් ක්‍රීඩා පිටිය ඉදිරිපිට ශ්‍රී ලංකාවට එරෙහිව කොටි හිතවාදීන් විසින් උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් කර ඇති බව වාර්තාවනවා. ඒ හේතුවෙන් ක්‍රීඩා පිටිය තුළ හෝ ඉන් බාහිරව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ලවිය හැකි බවයි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ. මේ සම්බන්ධයෙන් අවධානය යොමුකොට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යොදන ලෙස එම කාර්යාලය ස්කොට්ලන්ඞ්යාඞ් පොලීසිය වෙත ලිඛිතව දැනුම්දී තිබෙනවා.   මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගමගෙන්ද විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට සහ ස්කොට්ලන්ඞ්යාඞ් පොලීසියට දැනුම් දුන් බවයි.

 
පසුගියදා  ඕස්ට්‍රේලියාව සමග  ඕවල් හිදී සහ නවසීලන්තය සමග කාඩිෆ් හිදී ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වදින විටද එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ උද්ඝෝෂණ එම ක්‍රීඩා පිටිය ඉදිරිපිටදී පැවැත්වුණා. ඒ පිළිබඳවද ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ස්කොට්ලන්ඞ්යාඞ් පොලීසිය වෙත යොමුකළ ලිපියේ සිහිපත් කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.



මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1524 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 22:56

තවත් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

වැලිකඩ සිද්ධියට වත්මන් ජනපති ඈඳා ගැනීමේ යහපාලන ආණ්ඩුවේ උත්සහයක් ගැන අනාවරණයක් (වීඩියෝ)
Thursday, 28 May 2020 - 22:44

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී සිදුවීමට එවක... Read More

ලොව වයස්ගතම මිනිසා ජීවිතයෙන් සමුගනී (ඡායාරූප)
Thursday, 28 May 2020 - 22:15

ලොව වයස්ගතම මිනිසා වූ Bob Weighton මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර... Read More