13 වෙනස් කරන, 19, හදිසි පනතක් සේ පාර්ලිමේන්තුවට - රජය.

Thursday, 20 June 2013 - 19:04

13+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%2C+19%2C+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA.



13 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරීමට අදාළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනතක් ලෙස කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. මෙම කරුණු අනාවරණය වුණේ කොළඹ අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි. පළාත් සභා දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඒකාබද්ධ කිරීමට හැකිවන පරිදි 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඊට අදාළ වගන්තිය සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කළා. මේ අනුව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති වෙනස් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද අදහස බවයි. කෙසේ වෙතත්, දහතුනෙන් එහා ගිය බලය බෙදාදීමක් ලබාදෙන බවට මීට පෙර රජය ඉන්දියාවට පොරොන්දු වී තිබුණා. අද පැවති මාධ්‍ය හමුවේදී මේ පිළිබඳවද මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර, මේ එහිදී ඇතිවු සංවාදයයි.

[MP3]s61400[/MP3]