ඉන්දු - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගයට කොටි හිතවාදීන්ගෙන් බාධා.

Friday, 21 June 2013 - 7:55

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7++%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F.


 

අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (20) පැවැති අවසන් පූර්ව තරගයේදී කොටි ධජ රැගෙන එල්.ටී.ටී.ඊ. හිතවාදීන් දෙදෙනෙකු ක්‍රීඩාංගනයට කඩා වැදුණා. තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක වෙද්දීයි ඔවුන් මෙලෙස ක්‍රීඩාංගනයට පිවිසුණේ. කෙසේ වෙතත්, ආරක්ෂක අංශ මැදිහත්ව ඔවුන් දෙදෙනා ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට කටයුතු කළා. මේ අතර, මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදීද කතා බහක් ඇතිවුණා. ඒ, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබාදී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමකදීයි. ඊට පිළිතුරු ලබාදුන්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින්.

[MP3]s61415[/MP3]