ඩෙංගු මර්දනය ගැන මහාචාර්යවරයෙකුගෙන් චෝදනා.

Friday, 21 June 2013 - 7:56

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.


ඩෙංගු මර්දනයට රජය ගෙන ඇත්තේ සාර්ථක නොවන ක්‍රියාමාර්ග බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ මහාචාර්ය නිශ්ශංක ද සිල්වා පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඩෙංගු මර්දනය සඳහා රජය විශ්වවිද්‍යාල පද්ධතියේ විද්වතුන්ගෙන්ද උපදෙස් ලබා නොගන්නා බවයි. විශේෂයෙන්ම ඩෙංගු මර්දනයට දුමායනය කිරීමේදී එය නිසි වේලාවට සිදුකළ යුතු වූවත්, සෞඛ්‍ය බලධාරීන් එය සිදුකරන්නේ වැරදි ආකාරයට බවයි ඔහු පෙන්වා දුන්නේ.

 [MP3]s61416[/MP3]


මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ජයතිලකගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ ඉදිරියේදී ඩෙංගු මර්දන කාර්යයන් සඳහා විශ්වවිද්‍යාල විද්වතුන්ගේ ද සහයෝගය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.