ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී ලංකාවට.

Friday, 21 June 2013 - 12:53

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.



ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශිව්ශංකර් මෙනන් ලබන මස මුලදී, ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය අද (21* වාර්තා කළා. 13 වන සංශෝධනය යටතේ පළාත්වලට බලතල බෙදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම එහි අරමුණ බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. 13 වන සංශෝධනය දුර්වල කිරීමට එරෙහිව ඉන්දියාවේ ප්‍රතිචාරය ඉදිරිපත් කිරීම ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණක් බව සඳහන්. දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් මේ සතිය මුලදී නවදිල්ලියට ගොස් ඉන්දීය නායකයන් මුණ ගැසුණා. ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා ද ඔවුන් එහිදී හමුවූ අතර, ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම පිළිබඳව හෙළිදරව් කර ඇත්තේ එහිදීයි. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් ඒ බව ඉන්දීය පුවත්පතක් වෙත ප්‍රකාශ කර තිබෙනවා. ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ලබන මස 7 වැනිදා සිදුවනු ඇතැයි ඇතැම් වාර්තාවල සඳහන්. කෙසේ නමුත්, ඉන්දීය නිල ආරංචි මාර්ග උපුටා දක්වමින් එරට පුවත්පතක් සඳහන් කළේ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර නාවික ආරක්ෂාව පිළිබඳ ත්‍රෛයි පාර්ශවික සාකච්ඡා සඳහා ශිව්ශංකර් මෙනන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.


13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙරට තුළ කථිකාවතක් ගොඩනැගී ඇති මොහොතක ඉන්දියාව සිදුකරන මැදිහත්වීම පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ දක්වන්නේ විවිධ අදහස්. මේ ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අජිත් පී. පෙරේරා.

[MP3]s61442_1[/MP3]

ජනතා විමුක්ති පෙරමුණේ අදහස පැහැදිලි කරන එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික  පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.

[MP3]s61442_2 [/MP3]

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අදහස දැන ගැනීමට අප කථා කළේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනටයි.

[MP3]s61442_3[/MP3]                                   



මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More