ගොවීන් පිරිසක් වස බෝතලයක් සමග වහලයකට නගී.

Friday, 21 June 2013 - 18:28

%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%83+%E0%B6%B6%E0%B7%9D%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B6%9C%E0%B7%93.

තම වගා කටයුතු සඳහා මෙතෙක් පොහොර නොලැබුණු බව පවසමින් ගොවීන් පිරිසක් හිඟුරක්ගොඩ - ගල්අමුණ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ලක වහලයක් මතට නැගී මේ වන විට විරෝධතාවක නිරත වනවා. අද (21) පස්වරුවේ ආරම්භ කළ මෙම විරෝධතාවයට ගොවීන් එක්ව සිටින්නේ කෘමිනාශක අඩංගු බෝතලයක් ද අතැතිවයි. පොහොර සඳහා ගෙවීම් සිදුකර දින කිහිපයක් ගතව ඇතත්, පොහොර නොලැබුණු බව ගොවීන් ප්‍රකාශ කළා.

 

[MP3]s61460_1[/MP3]                                                                   

 

අප මේ සම්බන්ධයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරිගෙන් විමසීමක් කළා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පැවැති පොහොර හිඟයට පිළියමක් ලෙස පොහොර මෙටි‍්‍රක් ටොන් 100 ක් ඊයේ (20) දිනයේ ලැබුණු බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ. එම පොහොර කඩිනමින් ගොවීන් වෙත බෙදාදීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළා.

 
[MP3]s61460_2[/MP3]