නව බද්දත් සමග රන් මිල රුපියල් 5000 කින් ඉහළට.

Friday, 21 June 2013 - 18:31

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+5000+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.

රන් ආනයනය සඳහා සියයට 10ක ආනයන බද්දක් පැනවීමෙන් පසු රන් පවුමක් රුපියල් 4000ත් 5000ත් අතර මිලකින් ඉහළ ගොස් ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ප්‍රකාශ කළා. ඊයේ (20) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බද්ද පැනවූ බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කළේ. පෙර වසර හා සාපේක්ෂව මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට ආනයනය කළ රන් ප්‍රමාණයේ ද කැපී පෙනෙන ඉහළ යාමක් දක්නට ලැබුණා. පසුගිය වසර පුරාම මෙරටට ආනයනය කෙරුණේ ඩොලර් මිලියන 100කට අඩු රත්‍රං ප්‍රමාණයක්. එහෙත් මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩොලර් මිලියන 150ක් ඉක්ම වූ රන් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බවයි මහබැංකුව සදහන් කළේ. මෙරටට ආනයනය කරන රත්‍රං ඉන්දියාවට හොර රහසේ රැගෙන යාමේ ජාවාරමක් පවතින බවට මුදල් අමාත්‍යාංශය මීට පෙර සැක පළ කළා. ඉන්දියාවට රත්‍රං ආනයනය කිරීමේ දී බද්දක් පනවා තිබූ නමුත් ශ්‍රී ලංකාවට රන් ආනයනය කිරීමේදී මේ දක්වා බද්දක් පනවා තිබුණේ නැහැ. මෙම තත්ත්වය  උපයෝගී කර ගනිමින් රන් ජාවාරම්කරුවන් රත්‍රං ඉන්දියාව වෙත රැගෙන යාමට කටයුතු කර ඇති බවයි මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

 

මේ අතර, රුපියල් මිලියන 43 ක් පමණ වටිනා රත්‍රං තොගයක් සමග ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකු චෙන්නායි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (20) රාත්‍රියේ ඉන්දීය ගුවන් තොටුපල බලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි ඔවුන් පරීක්ෂා කර ඇත්තේ. එහිදී මෙම ශ්‍රී ලාංකිකයන් 05 දෙනා සතුව තිබූ රත්‍රං කිලෝ 10 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

 

කෙසේ නමුත්, අලූතින් රත්‍රං සඳහා ආනයනික බද්දක් පැනවීමෙන් වෙළෙදපොළේ රත්‍රං මිලෙහි සිදුවිය හැකි වෙනස්කම් පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් විමසීමක් කළා. ඊට ප්‍රතිචාර දැක්වූ එම අධිකාරියේ රන් ප්‍රමාණය නිශ්චය කිරීමේ අංශයේ කළමනාකරු සිරිචන්ද්‍ර එදිරිසිංහ.

 
[MP3]s61462[/MP3]