හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 18 දෙනෙකුට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග.

Saturday, 22 June 2013 - 8:03

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+18+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C.

මාදිවෙල - මන්ත්‍රී නිළ නිවාසවල පදිංචිව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 18 දෙනෙකුට ගංගොඩවිල දිසා අධිකරණය නොතීසි නිකුත් කර තිබෙනවා. එම මන්ත්‍රීවරුන් නිළ නිවාසවල පදිංචිව සිටියදී ජල, විදුලි සහ දුරකථන බිල්පත් නොගෙවීම නිසා නීතිපතිවරයා විසිනුයි මෙලෙස නඩු පවරා ඇත්තේ. එම නඩුව ඊයේ (21) ගංගොඩවිල දිසා අධිකරණයේ දිසා විනිසුරු නාමල් බණ්ඩාර බලල්ල හමුවේ විභාගයට ගැනුණා. නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥ සුමේධා ජයවීර බණ්ඩාර විසින් මීට අදාළව පැමිණිලි 18ක් එහිදී ගොනු කර තිබූ අතර, හිටපු මන්ත්‍රීවරුන් මෙලෙස පැහැර හැර ඇති බිල් පත්වල වටිනාකම රුපියල් ලක්ෂ 8ක්. ඒ අනුව ජුලි මස 16 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය ඔවුන්ට නියෝග කළා.

 
මහීපාල හේරත්, චන්දන කත්‍රිආරච්චි, පූජ්‍ය බද්දේගම සමිත හිමි, ඞී.එම්. බණ්ඩාරනායක, සංජීව කවිරත්න, තිළිණ බණ්ඩාර තෙන්නකෝන්, සිරි අන්ද්‍රහැන්දි, රාසා කුගනේෂ්වරම්, පී.ඞී. අබේරත්න, සුරේෂ් සතාසිවම්, මොහොමඞ් මහරුෆ්, මොහිදීන් බාවාඅබ්දුල් අසීස්, උපාලි සමරවීර, ජස්ටින් ගලප්පත්ති යන හිටපු මන්ත්‍රීවරුන් ඒ අතර සිටිනවා. ලකී ජයවර්ධන, මොහොමඞ් අබ්දුල්ලා, තම්බි මොහොමඞ්, ඥානමුත්තු ක්‍රිෂ්නපිල්ලේ යන හිටපු මන්ත්‍රීවරුන් ද ඊට අයත්. 2001 වසරේ දෙසැම්බර් මස 5 වන දා සිට 2004 වසරේ පෙබරවාරි 7 වන දා දක්වා වූ කාලයට අදාළවයි මෙම පැමිණිල්ල ගොනු කර තිබුණේ.