උතුරු ඉන්දියාවේ ආපදා මරණ 500 ඉක්මවයි.

Saturday, 22 June 2013 - 8:09

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+500+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92.

දැඩි මෝසම් වැසි සමග උතුරු ඉන්දියාවේ උත්තරාඛාන්ද් ප්‍රාන්තයේ ඇති වී තිබෙන ජල ගැල්මෙන් සහ නාය යාම්වලින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 500 ඉක්මවා තිබෙනවා. ප්‍රාන්ත මහඇමති විජේ බහුගුන ප්‍රකාශ කළේ ජලයේ ගසාගෙන යමින් තිබූ සහ වැළලූණු මළ සිරුරු 556ක් මේ වන විට නිරීක්ෂණය කර ඇති බවයි. තවත් 5000ක් පමණ අතුරුදන්ව සිටින බවත්, ප්‍රදේශයේ ක්‍රියාත්මක සහන සංවිධානයක් ප්‍රකාශ කළා. ප්‍රාන්තයේ හින්දු පූජ්‍යස්ථානවල වන්දනාවේ නිරත වූ 50,000ක් පමණ තවමත් අතරමංව සිටින බව සඳහන්. 33,000ක් පමණ බැතිමතුන් පසුගිය දින කිහිපය තුළ හෙලිකොප්ටර් ආදිය යොදා ගනිමින් මුදා ගනු ලැබුවා.

 

දුෂ්කර ප්‍රදේශයක් වූ මෙහි ජීවිතාරක්ෂක මෙහෙයුමට හෙලිකොප්ටර් යානා 55ක් යොදා ගැනෙනවා. ගුවන් ජීවිතාරක්ෂක මෙහෙයුම භාරව සිටින එයාර් මාෂල් එස්.බී. ඩියෝ ප්‍රකාශ කළේ කාලගුණය තවත් දරුණුවීමට පෙර ඉදිරි පැය 48 තුළ මෙහෙයුම සම්පූර්ණ කරන ලෙස රජය දැනුම් දීමක් කළ බවයි. හෙට සිට මෙම ප්‍රදේශයට තවදුරටත් තද වැසි ඇද හැලෙනු ඇති බවයි කාලගුණ අනාවැකිවලින් ප්‍රකාශ වන්නේ.

 

මෙය දැඩි ව්‍යසන තත්ත්වයක් ලෙස හැදින්වූ ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ප්‍රාන්තයට සහන සැලසීම සඳහා ඉන්දීය රුපියල් බිලියන 10ක් වෙන් කර තිබෙනවා. උත්තරාඛාන්ද් ප්‍රදේශයට අමතරව හිමාචල් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවල මෙන්ම අසල්වැසි නේපාලයේ ද ජල ගැලීම් වාර්තා වනවා. ජුනි සිට සැප්තැම්බර් දක්වා උතුරු ඉන්දියාවට සහ නේපාලයට මෝසම් වැසි ඇද හැලෙන අතර මෙවර එම වැසි අසාමාන්‍ය ලෙස දැඩි වී තිබෙනවා.