ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයෙන් වාර්තාවක් ඉල්ලයි.

Saturday, 22 June 2013 - 12:45

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

එංගලන්තයේ කාඩිෆ් හි පැවැති ඉන්දු - ලංකා චැම්පියන්ස් කුසලාන අවසන් පූර්ව තරගයේ දී කොටි ක්‍රියාකාරීන් පිටිය ආක්‍රමණය කිරීම තුළින් එංගලන්තයේ ක්‍රීඩා තරග සඳහා පවතින ආරක්ෂාව අභියෝගයට ලක්වන බව විචාරකයන් පෙන්වා දෙනවා. එම තරගයේ දී කොටි ධජ රැගත් ක්‍රියාකාරීන් දෙවරක් පිටිය ආක්‍රමණය කළ අතර, එක් අවස්ථාවක ඔවුන් ශ්‍රී ලාංකික පිතිකරු කුසල් පෙරේරාට හිරිහැර කිරීමට ද උත්සාහ කළා. තරගය අවසන් වූ පසුව ද විරෝධතාවල නිරත වූ කොටි ක්‍රියාකාරීන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් රැගත් බස් රථයට පිටත් වීමට නොදී බාධා සිදුකළ බව සදහන්. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ස්කොට්ලන්ඞ්යාඞ් පොලීසියට ද පැමිණිල්ලක් කළා.

 

මෙම සිද්ධිය මගින් චැම්පියන්ස් කුසලාන තරගාවලිය සඳහා බ්‍රිතාන්‍යයේ ආරක්ෂක විධි විධාන පිළිබදව ප්‍රබල ගැටළුවක් මතුවන බවයි ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සදහන් කළේ. මෙම තරගාවලියේ දී ආරක්ෂාව සැපයීම භාරවී තිබුණේ ජී. ෆෝ එස් නැමැති ආරක්ෂක ආයතනටයි. ලන්ඩන් ඔලිම්පික් උළෙලට ඔවුන් සැපයූ ආරක්ෂාව ද දැඩි විවේචනයට ලක්වූ අතර, ඒ හේතුවෙන් එහි ප්‍රධානී නික් බකල්ස් පසුගිය මැයි මාසයේ දී ඉල්ලා අස්වුණා. මෙම ආරක්ෂක ආයතනය පමණක් නොව බ්‍රිතාන්‍යයේ ඔත්තු සේවාවන්ගේ කාර්යක්ෂමභාවය පිළිබදව ද මෙහිදී ගැටළු පැන නගින බව විචාරකයන්ගේ අදහසයි. තරගය නිමා වී ක්‍රීඩාංගණයෙන් පිටතට පැමිණි ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් පිරිසක් ද කොටි ක්‍රියාකාරීන්ගේ ප්‍රහාරවලට ලක්වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පොලීසිය නිසි පියවර ගැනීමට අපොහොත් වූ බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

 

කෙසේ වුවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මේ වනවිට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසීමක් කලා. එහිදී විදේශ කටයුතු ලේකම් ආචාර්ය කරුණතිලක අමුණුගම සඳහන් කළේ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවයි.

 

[MP3]s61510_1[/MP3]

 

මේ අතර, ඕවල් හි පැවති  ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගයෙන් පසු එල්.ටී.ටී.ඊ හිතවාදීන් සහ ශ්‍රී ලාංකිකයින් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් මේ වනවිට බ්‍රිතාන්‍යයේ වාසය කරන සිංහලයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.  එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, දයාසිරි ජයසේකර සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් රජය වහාම පියවරක් ගත යුතු බවයි.

 
[MP3]s61510_2[/MP3]

 

හිරු ප්‍රවෘත්ති අංශය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් මේ සම්බන්ධයෙන් ද විමසීමක් කළා. ඊට ඔහු දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

 

[MP3]s61510_3[/MP3]