13 වෙනුවෙන් ඉන්දියාව කැප විය යුතුයි. - ඉන්දීය කොමියුනිස්ට්.

Saturday, 22 June 2013 - 12:43

13+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A.

13 වන සංශෝධනය යටතේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට යුක්තිය, සමානත්වය සහ ආත්මාභිමානය සැලසීම සඳහා ලක් රජයට රාජ්‍යතාන්ත්‍රික බලපෑමක් සිදුකළ යුතු බව ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය පවසනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං වෙත ලිපියක් යොමු කරමින් රාජ්‍ය සභාවේ එම පක්ෂ නායක සීතාරාම් යෙචූරි ප්‍රකාශ කළේ 13ට සංශෝධනය රජිව් - ජයවර්ධන ගිවිසුමේ ප්‍රතිඵලයක් බවයි. මේ නිසා එය ක්‍රියාවට නැංවීම සඳහා ඉන්දියාව කැප විය යුතු බව ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය පෙන්වා දෙනවා. එය සිදුකළ යුත්තේ දෙරට අතර සුහදත්වය ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමින්.

 
උතුරු පළාත් සභා මැතිවරණය ආසන්නයේ 13 වන සංශෝධනය යටතේ පළාත්වලට පැවරෙන බලතල දියකර හැරීමට ලක් රජය කටයුතු කරන බවට වාර්තා වී තිබෙනවා. එමගින් ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජගත් සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව වෙත ලබාදී ඇති පොරොන්දු ඉටු කිරීමට ඇති කැපවීම පිළිබද සැකයක් මතුවන බවයි ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය පවසන්නේ. 13 වන සංශෝධනයට වෙනස්කම් සිදුකිරීම උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශවලට ද පටහැනි බව ඔවුන් තවදුරටත් සදහන් කළා.



දෙහිවලදී පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
Thursday, 04 June 2020 - 17:29

දෙහිවල - අත්තිඩිය වැව පාරේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය... Read More

පිටකොටුවේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කෙරේ
Thursday, 04 June 2020 - 17:24

කොළඹ මධ්‍යම කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය මගින් පිටකොටුවේදී හෙරොයින්... Read More

මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් කිලෝ 100ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
Thursday, 04 June 2020 - 17:21

මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් කිලෝ සියයකට ආසන්න තොගයක්... Read More