ශක්තිමත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි - කෝට්ටේ සංඝ සභාව.

Saturday, 22 June 2013 - 19:05

%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9D+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80.

එක්සත් ජාතික පක්ෂය සකස් කරන ලද නව ව්‍යවස්ථා කෙටුම්පත කෝට්ටේ ශ්‍රී කල්‍යාණ     සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක අග්ග මහා පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඥානවිමල හිමියන් වෙත අද (22) පිළිගන්වනු ලැබුවා. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එම කෙටුම්පත පිළිගන්වනු ලැබුවේ කොල්ලූපිටිය - වාලූකාරාම රජමහා විහාරස්ථානයේදීයි. මෙහිදී සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණ සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය බෙල්ලන ශ්‍රී ඥානවිමල හිමියන් සහ එහි අනුනායක ආචාර්ය පූජ්‍ය ඉත්තාපානේ ධම්මාලංකාර හිමියන් බැහැදුටු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ උන්වහන්සේලා වෙත මෙම කෙටුම්පත පිළිගැන්වුවා. එහිදී අදහස් දැක්වූ ආචාර්ය ඉත්තාපානේ ධම්මාලංකාර හිමියන් පළ කළේ මෙවන් අදහසක්.

[MP3]s61531_1[/MP3]

අනතුරුව, අදහස් දැක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ මූලික එකඟතාවයක් පවතී නම් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ හැකියාව පවතින බවයි.

[MP3]s61531_2[/MP3]

කෝට්ටේ පාර්ශවයේ මහානාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා.

[MP3]s61531_3[/MP3]



පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් 12 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර (වීඩියෝ)
Thursday, 02 July 2020 - 16:39

හෙරොයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගත් පොලිස්... Read More

වරාය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
Thursday, 02 July 2020 - 16:28

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන්... Read More

මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැටුප් ගෙවීම සඳහා දේශීය බැංකුවකින් කෙටි කාලීන ණයක්
Thursday, 02 July 2020 - 16:25

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක වැටුප් ගෙවීම සඳහා දේශීය බැංකුවකින්... Read More