හිරු ශ්‍රද්ධාභිවන්දනාවට සියල්ල සූදානම්.

Saturday, 22 June 2013 - 19:09

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

සම්බුදු සසුන රැගෙන ආ අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය සිහිපත් කෙරෙන පොසොන් පොහොය නිමිත්තෙන් හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී සංවිධාන කරන හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන ඓතිහාසික අනුරාධපුර ථූපාරාම පූජා භූමියේ සංවිධාන කර තිබෙනවා. එය අද (22) සහ හෙට (23) ථූපාරාම පූජා භූමියේදී පැවැත්වීමට මේ වන විට සියලූ කටයුතු සූදානම්. මෙහිදී ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් පරිදි සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් සසුනට කුල කුමරුන් පූජා කිරීමේ පින්කමක් සංවිධාන කර තිබීම විශේෂත්වයක්. එහිදී ඔවුන්ගේ අධ්‍යාපනය සහ ශාසනික අනාගතය වෙනුවෙන් හිරු ටී වී සහ හිරු එෆ් එම් කැපකරු දායකත්ව ක්‍රමයක්ද හඳුන්වා දීමට නියමිතයි. එය හිරු ශාසනාවතරණය ලෙස නම් කෙරෙන අතර, අද (22) රාත්‍රියේ සියක් නමක් මහ සඝරුවනගේ ආශිර්වාදයෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද ථූපාරාම පින් බිමේදී පැවැත්වෙනවා.

සම්බුදු සසුනට තවත් කල්පයක් ආයුෂ පතා සිදුකෙරෙන මහා අධිෂ්ඨාන පූජාව පැවැත්වෙන්නේ හෙට දිනයේදීයි. ඒ ගෞතම බුදු පියාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව තැන්පත් කර ඉදිකළ ථූපාරාම මහ සෑ රදුන් සුවඳ මලින් ගවසා අහසින් මල් වරුසා වැස්සවීමෙන් අනතුරුවයි. අනුරාධපුරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන සුවිශේෂී පොසොන් වැඩසටහන වන හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහනේ සූදානම පිළිබදව තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කර ගත්තා එහි සිටින හිරු විශේෂ වාර්තාකරු මෝක්ෂ ප්‍රසාද්.

[MP3]s61532[/MP3]



ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 21:21

ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More