බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව ගැටළුවක්.

Saturday, 22 June 2013 - 19:34

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලූ පවතී නම්, කඩිනමින් එරට ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය දැනුවත් කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා. චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරඟ දෙක අතරතුර එල්.ටී.ටී.ඊ. හිතවාදීන් සහ ශ්‍රී ලාංකිකයින් අතර, ගැටුම් ඇති වුණා. ඉන් අනතුරුව, තම ආරක්ෂාව පිළිබඳව ගැටලූ මතුව ඇති බවයි ලන්ඩන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින් ප්‍රකාශ කළේ. පසුගිය 17 වැනිදා ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන්  ඕවල් ක්‍රීඩාංගනයේ පැවති තරගයෙන් අනතුරුව ශ්‍රී ලාංකිකයින් සහ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් අතර ගැටුමක් හට ගත් අතර, ගැටුමට මැදිහත්වූ ශ්‍රී ලාංකිකයින්ගේ ඡායාරූප කොටිහිතවාදීන් විසින් මේ වනවිට අන්තර්ජාලය වෙත මුදා හැර තිබෙනවා. එමගින් එම ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව පිළිබඳව ගැටලූ මතුව ඇති බවයි ලන්ඩනයේ සිට හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ සභාපති ජනක අලහප්පෙරුම සඳහන් කළේ.

[MP3]s61536_1[/MP3]                               

එංගලන්තයේ කාඩිෆ් හි පැවැති ඉන්දු - ලංකා චැම්පියන්ස් කුසලාන අවසන් පූර්ව තරගයේ දී කොටි ක්‍රියාකාරීන් පිටිය ආක්‍රමණය කිරීම තුළින් එංගලන්තයේ ක්‍රීඩා තරග සඳහා පවතින ආරක්ෂාව අභියෝගයට ලක්වන බව ක්‍රීඩා විචාරකයින් ද පෙන්වා දෙනවා.

මෙම සිද්ධිය මගින් චැම්පියන්ස් කුසලාන තරගාවලිය සඳහා බ්‍රිතාන්‍යයේ ආරක්ෂක විධි විධාන පිළිබදව ප්‍රබල ගැටළුවක් මතුවන බවයි ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සදහන් කළේ. මෙම තරගාවලියේ දී ආරක්ෂාව සැපයීම භාරවී තිබුණේ ජී. ෆෝ එස් නැමැති ආරක්ෂක ආයතනටයි. ලන්ඩන් ඔලිම්පික් උළෙලට ඔවුන් සැපයූ ආරක්ෂාව ද දැඩි විවේචනයට ලක්වූ අතර, ඒ හේතුවෙන් එහි ප්‍රධානී නික් බකල්ස් පසුගිය මැයි මාසයේ දී ඉල්ලා අස්වුණා. මෙම ආරක්ෂක ආයතනය පමණක් නොව බ්‍රිතාන්‍යයේ ඔත්තු සේවාවන්ගේ කාර්යක්ෂමභාවය පිළිබදව ද මෙහිදී ගැටළු පැන නගින බව විචාරකයන්ගේ අදහසයි. තරගය නිමා වී ක්‍රීඩාංගණයෙන් පිටතට පැමිණි ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් පිරිසක් ද කොටි ක්‍රියාකාරීන්ගේ ප්‍රහාරවලට ලක්ව ඇති අතර, එම තරඟයට ලබාදී තිබූ ආරක්ෂාව පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව ද බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ සභාපති ජනක අලහප්පෙරුම කියා සිටියා.

කෙසේ වෙතත්, ඇතැම් පිරිස් ශ්‍රී ලංකා ක්‍රිකට් නගා සිටුවීමට කටයුතු කරන බව පවසා ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව යන නමින් ලන්ඩන් නුවර සංවිධානයක් ද පිහිටුවා ගෙන තිබෙනවා. එහෙත්, එම කමිටුවෙන් කිසිදු ප්‍රයෝජනයක් සිදු නොවන බවයි බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ සභාපතිවරයා කරුණු අනාවරණ කළේ.       

[MP3]s61536_2[/MP3] 

කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේදැයි අප විමසා සිටියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සහ එහි මාධ්‍ය ප්‍රකාශක රොඞ්නි පෙරේරාගෙන්. මේ ඔහු ඊට දැක්වූ ප්‍රතිචාරයයි.

[MP3]s61536_3[/MP3]