හිරු ශ්‍රද්ධාභිවන්දනා වෙනුවෙන් ථූපාරාමයට අතිවිශාල බැතිමතුන් පිරිසක්.

Sunday, 23 June 2013 - 8:28

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AE%E0%B7%96%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A.

සම්බුදු සසුන රැගෙන ආ අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය සිහිපත් කෙරෙන පොසොන් පොහොය නිමිත්තෙන් හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී සංවිධාන කරන හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන ඓතිහාසික අනුරාධපුර ථූපාරාම පූජා භූමියේ දී ඊයේ ආරම්භ වුණා. ඒ, ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊයේ රාත්‍රියේ වැඩසටහන ආරම්භ වුණේ සියක් නමක් මහ සඟරුවනගේ ආශිර්වාදයෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ථූපාරාම පින් බිමේදී පැවැත්වීමෙන් අනතුරුවයි. එය සජීවීව හිරු ටීවී ඔස්සේ අද උදෑසන දක්වාම විකාශය වුණා. අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති සහ අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභික මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ ශ්‍රී සීලක්කන්ද නාහිිමියන්ගේ අනුශාසනා පරිදියි එම කටයුතු සිදු කෙරුණේ. අනතුරුව ථූපාරාම පින්බිමේදී අතිවිශාල බැතිමතුන් පිරිසක් සිල් සමාදන් වුණා.

හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන යටතේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් පරිදි සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් සසුනට කුල කුමරුන් පූජා කිරීමේ පින්කමක් සංවිධාන කර තිබීම විශේෂත්වයක්. එහිදී ඔවුන්ගේ අධ්‍යාපනය සහ ශාසනික අනාගතය වෙනුවෙන් හිරු ටී වී සහ හිරු එෆ් එම් කැපකරු දායකත්ව ක්‍රමයක්ද හඳුන්වා දීමට නියමිතයි. එය හිරු ශාසනාවතරණය ලෙස නම් කෙරෙනවා.

සම්බුදු සසුනට තවත් කල්පයක් ආයුෂ පතා සිදුකෙරෙන මහා අධිෂ්ඨාන පූජාව පැවැත්වෙන්නේ අද පස්වරුවේයි. ඒ ගෞතම බුදු පියාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව තැන්පත් කර ඉදිකළ ථූපාරාම මහ සෑ රදුන් සුවඳ මලින් ගවසා අහසින් මල් වරුසා වැස්සවීමෙන් අනතුරුවයි. අනුරාධපුරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන සුවිශේෂී පොසොන් වැඩසටහන වන හිරු ශ්‍රද්ධාභිවන්දනා පිළිබදව නවතම තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කර ගත්තා එහි සිටින හිරු විශේෂ වාර්තාකරු කණිෂ්ක මීගස්මුල්ල.
 
[MP3]s61546[/MP3]



ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හැටතුන් ලක්ෂය ඉක්මවයි
Tuesday, 02 June 2020 - 6:34

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 63 ලක්ෂ... Read More

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයන් 10ක් - අවසන් වරට වාර්තා වූ සිව්දෙනා බංග්ලාදේශයේ සිට පැමිණ ඇතැයි හෙළිවෙයි
Tuesday, 02 June 2020 - 6:09

මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඊයේ (01) ඉහළ ගියා.ඊයේ... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි
Tuesday, 02 June 2020 - 6:04

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More