පන්සල් ගොස් එමින් සිටි මවත් දරු දෙදෙනාත් රිය අනතුරක. - දරු දෙදෙනා මරුට.

Sunday, 23 June 2013 - 18:53

%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%91%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A.+-+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

කෑගල්ල - රඹුක්කන මාර්ගයේ දළුග්ගල මංසන්ධියේදී අද (23) දහවල් සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. අනතුරින්, දරුවන්ගේ මව ද බරපතල තුවාල ලබා රඹුක්කන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල මූලික රෝහලට මාරු කර යවා තිබෙනවා. පොහෝ දා විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරතව නැවත නිවස කරා පැමිණෙමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්ව ඇත්තේ. මාර්ගයේ ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඔවුන්ව යටකරගෙන යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ. අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වයස අවුරුදු 3 ක ගැහුනු ළමයෙකු සහ අවුරුදු 10 ක් පමණ වයසැති ඇගේ සහෝදරයායි. බස් රථයේ රියදුරු මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

බස් රථය මාර්ගයෙන් ඉවතට පනින අවස්ථාවේදී සිද්ධිය ඇසින් දුටු බස් රථයේ සිටි කාන්තාවක් හිරු ප්‍රවෘත්ති අංශයට සිය අත්දැකීම මෙලෙස පැහැදිලි කළා.

rn

[MP3]s61588[/MP3]



වඳවීමේ තර්ජනයට ලක්වී ඇති විල් මුවෙකු කරන්දෙණියෙන් සොයාගැනේ
Thursday, 28 May 2020 - 7:39

වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති මුවන් වර්ගයක් වන විල් මුවෙකු ගාල්ල... Read More

සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට බලයක් නැහැ - සමගි ජනබලවේගය කියයි
Thursday, 28 May 2020 - 7:34

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට හෝ තනතුරුවලින් ඉවත්කිරීමට... Read More

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට
Thursday, 28 May 2020 - 7:31

අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම්... Read More