සෞදියේ වැඩකරන සතිය වෙනස් වෙයි.

Monday, 24 June 2013 - 8:06

%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.



 සෞදි රජය විසින් එරට සති අන්තය වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ඒ අනුව සිකුරාදා සහ සෙනසුරාදා දින දෙක සති අන්තය ලෙස සෞදි රජය විසින් නම්කර ඇති බවයි. සිකුරාදා දිනයේ තම ආගම ඇදහීමට බාධාවන නිසා මෙම පියවර ගැනීමට සෞදි රජය කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ. සිකුරාදා දිනය සෞදියේ වැඩ කරන දිනයක් බැවින් ආගමික කටයුතුවලට සහභාගිවීමට බාධා එල්ලවී තිබෙනවා. මෙම තත්ත්වය පදනම් කරගෙනයි සෞදි රජය විසින් මෙම පියවර ගෙන ඇත්තේ.

 

මේ වනවිට සෞදියේ ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 4 ත් 5 ත් අතර සේවයේ නිරතවනවා. මෙමඟින් ශ්‍රී ලාංකිකයන්ට බලපෑමක් ඇතිවේද යන්න පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමසීමක් කළා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය ප්‍රකාශ කළේ මෙම වෙනස්වීම පිළිබඳව සිය කාර්යාංශයද මේ වනවිට දැනුවත් වී ඇති බවයි.  සෞදියේ සති අන්ත නිවාඩුව වෙනස් කිරීම එහි සේවය කරන ශ්‍රිී ලාංකික ශ්‍රමිකයින්ටද බලපානු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.