කොළඹ උතුරට නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්.

Monday, 24 June 2013 - 8:07

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A.



වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ උතුර ප්‍රදේශය භාරව නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කර තිබෙනවා. පොලිස් මූලස්ථානය නිවේදනය කළේ ත්‍රිකුණාමලය ප්‍රදේශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති එල්.ජී. කුලරත්න ඊයේ සිට කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බවයි. හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන බම්බලපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔහුගේ වැඩ තහනම් කිරීමට ද පොලිස්පතිවරයා මීට පෙර කටයුතු කළා. කෙසේ වෙතත්, නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගෙන් හිස් වූ කොළඹ උතුර ප්‍රදේශය භාරව මීට පෙර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට අමතරව පොලිස් නිලධාරීන් 4 දෙනෙකු ද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, අනිද්දා ඔවුන් යළි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර බම්බලපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි සිද්ධියේ ජංගම දුරකථනයක කොටස් ඊයේ (23) සොයා ගැනුණා. ඒ, මාළිගාවත්ත - ඛෙත්තාරාම විහාරස්ථානය අසලින් ගලා බසින කුණු ඇළක තිබියදියි. මෙම සොයා ගත් ජංගම දුරකථනයේ කොටස්, ඝාතනය කළ බවට සැක කෙරෙන ව්‍යාපාරික මොහොමඞ් සියාම් නැමැත්තාගේ දුරකථනයේ බවට සැක කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ.