විදුලි පාරිභෝගික ව්‍යාපාරයෙන් නැවතත් චෝදනා.

Monday, 24 June 2013 - 8:36

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

විදුලිබල මණ්ඩලයේ අකාර්යක්ෂමතාවය හා අවිධිමත් කළමනාකරණය හේතුවෙන්  විදුලි බිල වැඩිවී ඇති බව ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය චෝදනා කරනවා. එහි ලේකම් බන්දුල ජයසේකර සඳහන් කරන්නේ දැවිතෙල් හා ඞීසල්වල මිල තීරණය කිරීමේදී විනිවිද භාවයකින් යුත් මිල සූත්‍රයක් භාවිතා කිරීම සුදුසු බවයි. මෙතෙක් විදුලි බල මණ්ඩලය දැවිතෙල් සහ ඞීසල් මිලදී ගැනීමට මිල සූත්‍රයක් භාවිතා නොකරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

[MP3]s61615_1[/MP3]

වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලි පාරිභෝගික ව්‍යාපාරයේ ලේකම් බන්දුල ජයසේකර සඳහන් කළේ ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුකූල පරිගණක පද්ධතියක් පවා විදුලිබල අමාත්‍යාංශයට නොමැති බවයි.

[MP3]s61615_2[/MP3]

මේ අතර පසුගියදා විදුලි පාරිභෝගික ව්‍යාපාරය විසින් හෙළිදරව් කළ කුකුලේ ගග ජල විදුලි බලාගාරයේ ටර්බයින් යන්ත්‍ර හදිසියේ ක්‍රියාවිරහිතවීම පිලිබඳව කරුණු සොයා බලා වාර්තාවක් කැඳවීමට විෂය භාර අමාත්‍යවරිය පියවරගෙන තිබෙනවා. දෛනිකව මෙගාවොට් 75 ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන කුකුළේ ගඟ ජල විදුලි බලාගාරයේ ටර්බයින යන්ත්‍ර දෙකෙන් එකක් පසුගියදා හදිසියේ කාර්මික දෝෂයකට ලක් වුණා. පසුව, අනෙක් යන්ත්‍රය තුළ ද එම ලක්ෂණ පෙන්නුම් කරන බැවින් එය ක්‍රියාත්මක කිරීමෙන් වැළකී සිටීමටයි බලාගාර බලධාරින් පියවර ගෙන ඇත්තේ.