අල්ලස් සිද්ධියේ දිසා විනිසුරු ආරක්ෂකයා යළි රිමාන්ඞ්.

Monday, 24 June 2013 - 12:47

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A.

හෝමාගම හිටපු දිසා විනිසුරු සුනිල් අබේසිංහගේ ආරක්ෂකයා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයා මේ මස 28 වැනිදා දක්වා අද (24* යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකළා. ඒ, නඩුවක තීරණයක් වාසිදායක අයුරින් ලබාදීමට රුපියල් ලක්ෂ 3 ක අල්ලසක් ගත් බවට හෝමාගම හිටපු දිසා විනිසුරු සුනිල් අබේසිංහ සහ ඔහුගේ ආරක්ෂකයාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් වන නඩුව විභාගයට ගත් අවස්ථාවේදියි. සැකකාර හිටපු දිසා විනිසුරුවරයා මීට පෙර ඇප මත මුදා හැරුණත් ආරක්ෂකයා වන පොලිස් කොස්තාපල්වරයා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියා.

කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවේ නඩුව අද විභාගයට ගැනුණා. එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කර ඇත්තේ සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් අවසන් වී නොමැති බවයි. අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා ඇතුලූ පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද එම නිලධාරීන් කියා සිටියා.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරියයි. සැකකාර හිටපු දිසා විනිසුරුවරයා මේ වනවිට ඇප මත මුදාහැර ඇති බැවින් ආරක්ෂකයා වන පොලිස් කොස්තාපල්වරයාද ඇප මත මුදාහරින ලෙස ඔහු ඉල්ලීමක් කළා. එහෙත් ඊට එරෙහිවෙමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් පැවසුවේ ආරක්ෂකයා පිළිබඳ විමර්ශනවලට අදාළ තවත් ප්‍රකාශ කිහිපයක් සටහන් කරගැනීමට නියමිත බවයි.

සිද්ධිය පිළිබඳ දීර්ඝ දේශනයක් එළඹෙන නඩු වාරයේදී ඉදිරිපත් කරන බවද සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය ප්‍රකාශ කළා.


කරුණු සළකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකරමින් පරීක්ෂණය අවසන් කර අදාළ වාර්තා මේ මස 28 වැනිදා ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන්ට දැනුම් දුන්නා.



\
Thursday, 09 July 2020 - 23:01

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Thursday, 09 July 2020 - 22:22

මෛත්‍රී ගිහින් පංච මහා බලවේගය අලියාගේ නැට්ටේ ගැට ගැසූ බව... Read More

දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More