13 ගැන දයා මාස්ටර්ගෙන් පැහැදිළි කිරීමක්.

Monday, 24 June 2013 - 12:49

13+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

දකුණේ ජනතාව 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වැරදි මතයක සිටින බව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වේලායුදන් දයානිධි හෙවත් දයා මාස්ටර් පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය සමග 13 වන සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දකුණේ ජනතාව තුළ ඇතිවී තිබෙන වැරදි මතය දුරු කිරීම සඳහා සියලූදෙනා එක්ව කටයුතු කළ යුතු බවයි.


[MP3]s61632_1[/MP3]                     


මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට තමන් ඉල්ලූම් පත්‍රයක් යොමුකළ බව දයා මාස්ටර් ප්‍රකාශ කළා. දෙමල ජනතාවට සේවය කිරීමේ අරමුණින් තමන් මෙවර උතුරු පළාත් සභා මැතිවරණයට තරඟ කිරීමට තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත් එල්.ටී.ටී.ඊ ජාත්‍යන්තර ජාලයේ හිටපු ප්‍රධාන අවි සපයන්නා ලෙස සැළකෙන කුමරන් පද්මනාදන් හෙවත් කේ. පී. උතුරු පළාත් සභා මැතිවරණය සඳහා තරඟ කරන බවට මීට පෙර විවිධ වාර්තා පළවුණා. එහෙත් කේ. පී. ප්‍රකාශ කළේ තමන් උතුරු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා නොකරන බවයි.



මේ අතර උතුරු පළාත් සභා මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂන ජාලවල සහය ලබාගැනීම සිදුකළ යුතු බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්‍ෂක රෝහණ හෙට්ටිආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා සමග සාකච්ඡාවක්ද පවත්වා ඇති බවයි.

 
[MP3]s61632_2[/MP3]