ජනපති ටැන්සානියාවේ සංචාරයක.

Monday, 24 June 2013 - 12:50

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A7%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A.


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන සතියේ අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සානියාවේ නිල සංචාරයක් ආරම්භ කිරීමට නියමිතයි. පස්දින නිල සංචාරයක් වන මෙහිදී දෙරටටම වැදගත් අවබෝධතා ගිවිසුම් කිහිපයකටද එළඹෙනු ඇති. ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකු ටැන්සානියාවේ නිල සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙය වනවා. මෙහිදී දෙරට අතර ආර්ථික, වෙළඳ සහ සංචාරක ක්‍ෂේත්‍රයන්හි සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ටැන්සානියානු බලධාරීන් අතර සාකච්ඡා කෙරෙනු ඇති. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල සංචාරය අතරතුරදී ටැන්සානියාවේ පැවැත්වෙන සමුළු කිහිපයකටද සහභාගිවීමට නියමිතයි.