තවත් බාල ඞීසල් මෙටි‍්‍රක් ටොන් 40 000 ක් ශ්‍රී ලංකාවට.

Monday, 24 June 2013 - 12:54

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD+%E0%B6%9E%E0%B7%93%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%A7%E0%B7%92%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+40+000+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.


තත්ත්වයෙන් බාල තවත් ඞීසල් මෙටි‍්‍රක් ටොන් 40 000 ක් මෙරටට ආනයනය කර ඇතැයි හිරු ප්‍රවෘත්ති අංශයට අද (24) වාර්තාවුණා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මෙරටට ආනයනය කර ඇති මෙම ඉන්ධන තොගයේ සාම්පල් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පර්යේෂණාගාර දෙකකදී තත්ත්ව පරීක්ෂාවකට ලක් කර තිබෙනවා. එහිදී හෙළිවී ඇත්තේ මෙම ඞීසල් තොගය නියමිත පිරිවිතරයන්ට අනුකූල නොවන බවයි. ඒ අනුව අදාළ ඉන්ධන තොගය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සුසන්ත ද සිල්වා ප්‍රකාශ කළා. තත්ත්වයෙන් බාල ඉන්ධන මීට පෙර අවස්ථා කිහිපයකදී මෙරටට ආනයනය කර තිබූ අතර ඇතැම් අවස්ථාවලදී නිර්මාණය වුණේ අර්බුදකාරී තත්ත්වයක්.

දැනට ප්‍රතික්ෂේප කර ඇති මෙම ඞීසල් තොගය රැගත් නෞකාව කොළඹ වරායේ නැංගුරම්ලා තිබෙනවා. තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේ ප්‍රතික්ෂේප කර ඇති ඞීසල් තොගය වෙනුවට නව ඉන්ධන සැපයීමට අදාළ සමාගම එකඟතාවය පළ කර ඇති බවයි.


කෙසේ වෙතත් දිගින් දිගටම බාල ඉන්ධන මෙරටට පැමිණීම පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සුසන්ත සිල්වාගෙන් තවදුරටත් ප්‍රශ්න කළා.


[MP3]s61634_1[/MP3]              

කෙසේ වෙතත් තෙල් වෘත්තීය සමිති පවසන්නේ තත්ත්වයෙන් බාල ඉන්ධන මෙරටට ආනයනය කරන සමාගම් තහනම් නොකිරීම මෙවැනි සිද්ධීන් තවදුරටත් වාර්තාවීමට හේතුවී ඇති බවයි.  මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ජාතික සේවක සංගමයේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථා ශාඛාවේ, ලේකම් ආනන්ද පාලිත.

 
[MP3]s61634_2[/MP3]             



මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More