ලූනාවේ දී ලොරි රථයක ගැටී දුම්රිය මගියෙකු මරුට.

Monday, 24 June 2013 - 19:12

%E0%B6%BD%E0%B7%96%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රියක පා පුවරුවේ ගමන් ගත් මගීන් කිහිප දෙනෙකු මාර්ගය ආසන්නයේ නතර කර තිබූ ලොරියක ගැටීමෙන් ඇද වැටී තිබෙනවා. ලූනාව සහ අඟුලාන අතර මෝය කට ආසන්නයේ නතර කර තිබූ ලොරි රථයේ ගැටී මෙලෙස ඇද වැටුණු එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. ලූනාව දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ තවත් පුද්ගලයන් දෙදෙනෙකු මෙහිදී තුවාල ලබා රෝහල් ගත කෙරුණු බවයි. ලූනාව  රෝහලට තුවාල ලැබූවන් 4 දෙනෙකු ඇතුළත් කළ බවත් ඔවුන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් කළුබෝවිල රෝහලට මාරු කර යැවූ බවත් රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළා. අද (24) පස්වරු 4.20ට කොළඹ කොටුවෙන් කළුතර බලා පිටත් වූ සීග්‍රගාමී දුම්රියේ ගමන් ගත් මගීන් පිරිසක් මෙලෙස අනතුරට ලක්වී තිබෙනවා.