බස් ගාස්තු අවසන් තීරණය 27 වන දා.

Monday, 24 June 2013 - 19:51

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+27+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F.

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව මෙවර ගාස්තු වැඩිකිරීම පිළිබදව අවසන් තීරණය මේ මස 27 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් බස් සංගම්, සමාගම් සහ ප්‍රවාහන බලධාරීන් අතර සාකච්ඡාවක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේදී අද (24) පෙරවරුවේ පැවැත්වුණා. ඊට එක්වූ පෞද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී.බී. රත්නායක කියා සිටියේ බස් ගාස්තු වැඩිකිරීම පිළිබදව බස් සංගම්වල අදහස් එකතු කිරීමට දින දෙකක කාලයක් ඉල්ලා සිටි බවයි.

[MP3]s61661_1[/MP3]                                                                

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සිදුකිරීමට නියමිතව ඇත්තේ ජුලි මස 1 වැනිදායි. පෞද්ගලික බස් සංගම් මෙවර ඉල්ලා සිටියේ සියයට 10ක බස් ගාස්තු වැඩි කිරීමක්. එහෙත් මෙවර බස් ගාස්තු වැඩිවීම සිදුවන්නේ සියයට 7කට ආසන්න ප්‍රමාණයකින් බවටයි දැනට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් අද (24) පැවැති සාකච්ඡාවට සමස්ත ලංකා බස් හිමියන්ගේ සමිති සම්මේලනය එක්වූයේ නැහැ. එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ බස් සංගම් ඉල්ලූ පරිදි සියයට 10ක ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බවයි.

[MP3]s61661_2[/MP3]                                                                      

මේ අතර, පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සියයට 10ක බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව ප්‍රකාශ කළා. එසේ නොමැතිවුවහොත් ජාතික ගමනාගමන කොමිෂන්සභාව දණ ගස්වන බවයි ඔහු කියා සිටියේ.

[MP3]s61661_3[/MP3]                                                         

කෙසේ වෙතත්, කොළඹ අද (24) පැවැති සාකච්ඡාවේදී ඊට එක්වූ මාධ්‍යවේදීන් බස් සංගම් සභාපතිවරයාගේ මෙම ප්‍රකාශය පිළිබදව දිගින් දිගටම ප්‍රශ්න කළා.

[MP3]s61661_4[/MP3]  



විදෙස් නෞකාවල රාජකාරි කළ ශ්‍රී ලාංකික සිවිල් නාවිකයින් පිරිසක් අද ගුවනින් දිවයිනට
Saturday, 06 June 2020 - 7:38

කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ විදෙස් නෞකාවල රාජකාරි කළ ශ්‍රී... Read More

කෝටියක හෙරොයින් සමඟ දෙමටගොඩදී පුද්ගලයක් අත්අඩංගුවට
Saturday, 06 June 2020 - 7:33

රුපියල් කෝටියක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම්... Read More

ඊයේ දිනයේ මෙරටින් අවම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක්
Saturday, 06 June 2020 - 7:27

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1801 දක්වා ඉහළ ගොස් තිබෙනවා.... Read More