වෛරය පතුරන දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා නෑ. - රජය.

Tuesday, 25 June 2013 - 7:38

%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B4%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%A9%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%91.+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA.


දේශපාලන වශයෙන් මෙහෙයවනු ලබන කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව වෛරී ලෙස කටයුතු කරන තාක්  ඔවුන් සමග ඵලදායී සංවාදයකට එළඹීම දුෂ්කර බව ජිනිවා හි ජගත් සංවිධාන මූලස්ථානයේ ශ්‍රී ලංකා නියෝජිත රවිනාථ ආරියසිංහ පවසනවා. ඔවුන්ගේ වෛරී ක්‍රියාකාරකම් තුළින් මෙරට අර්ථවත් සංහිදියා ක්‍රියාමාර්ගවලට බාධා පැමිණෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ. දෙමළ ඩයස්පෝරාවට මෙලෙස ක්‍රියාත්මකවීම සඳහා ඔවුන් ජීවත් වන රටවල හිතකර වාතාවරණයක් පැවතීම ද සැලකිල්ලට ගත යුතුයි. ඔවුන් වෙනුවෙන් එම රටවල් දක්වන අනුකම්පාව අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්නා බවත්, ජිනිවා හි ශ්‍රී ලංකා නියෝජිත රවිනාථ ආරියසිංහ ප්‍රකාශ කළා. ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම වැරදි පූර්වාදර්ශයක් විය හැකි බවයි ජාත්‍යන්තර සංක්‍රමණික ආයතනය මගින් ජිනිවා හි සංවිධාන කර තිබූ සමුළුවක් අමතමින් ඔහු කියා සිටියේ. එම සම්මන්ත්‍රණයේ තේමාව වූයේ ඩයස්පෝරාවන් සහ සංවර්ධනය, රාජ්‍යයන් සහ සමාජ අතර පරතරය පියවීම යන්නයි. දැනට ශ්‍රී ලාංකිකයින් මිලියන 3ක් විදේශයන්හි වාසය කරන අතර, ඒ අතුරින් මිලියන 1යි දශම 8ක් විදේශ රටවල සේවය කරන ශ්‍රමිකයන්. ඉතිරි කොටසෙන් මිලියනයකට වැඩි පිරිසක්  ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය ආදී රටවල වරප්‍රසාද ලබමින් සිටින දෙමළ ඩයස්පෝරාවයි.



\
Thursday, 09 July 2020 - 23:01

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Thursday, 09 July 2020 - 22:22

මෛත්‍රී ගිහින් පංච මහා බලවේගය අලියාගේ නැට්ටේ ගැට ගැසූ බව... Read More

දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More