තහනම් ගසේ රස බැලූ බර්ලස්කෝනිට සිර දඬුවම්.

Tuesday, 25 June 2013 - 7:44

%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83%E0%B7%9A+%E0%B6%BB%E0%B7%83+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%96+%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A.



 

ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලස්කෝනිට එරට අධිකරණය මගින් ඊයේ (24) සත් වසරක සිර දඩුවමක් නියම කළා. එමෙන්ම ඔහුට තවදුරටත් ඉතාලි රජයේ තනතුරු හෙඹවීම ද තහනම් කෙරුණා. ඒ, 76 හැවිරිදි බර්ලස්කෝනි පාලන බලයේ සිටි සමයේ ඔහුගේ ලිංගික ජීවිතයට අදාළ චෝදනාවක් හේතුවෙන්. එවකට බාල වයස්කාර තරුණියන් සමග සාද පැවැත්වූ බවටයි ඔහුට චෝදනා එල්ල වූයේ. කෙසේ නමුත් හිටපු අගමැති බර්ලස්කෝනි ප්‍රකාශ කළේ තමා මුළුමනින්ම අහිංසක පුද්ගලයෙකු වන අතර දේශපාලන හේතූන් මත අදාළ චෝදනා ගොනු කර ඇති බවයි. සිර දඩුවම් නියම වුවද බර්ලස්කෝනිගේ අභියාචනය මිලාන් අධිකරණයේ විභාග කෙරෙන තුරු ඔහු බන්ධනාගාර ගත කෙරෙන්නේ නැහැ.