ඩෙංගු මර්ධනයට උක් හකුරු ?

Tuesday, 25 June 2013 - 7:49

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%8B%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%3F

ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මහජනතාවගෙන් ලැබෙන සහාය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් පවසනවා. ඔහු කියා සිටියේ ඩෙංගු ව්‍යාප්ත වීමේ අවදානම තවමත් පහව ගොස් නොමැති බවයි.

rn

[MP3]s61676_1[/MP3]                                  

ගත වූ මාස 6 තුළ දිවයින පුරා ඩෙංගුරෝගීන් 15,206ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවලින් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 1459ක් වන අතර වාර්තාගත වී ඇති මරණ සංඛ්‍යාව 8ක්. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් කියා සිටියේ මේ වන විට ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන 591කට නඩු පවරා ඇති බවයි.

rn

[MP3]s61676_2[/MP3]                                                                              

මේ අතර, උක් හකුරු හා රතු ළූණු ඩෙංගු රෝගය සඳහා ගුණාත්මක බව උක් පර්යේෂණ ආයතනය පවසනවා. එහි සභාපති රසායන විද්‍යාව පිළිබද කථිකාචාර්ය සිරිල් සුදුවැල්ල කියා සිටියේ උක් හකුරු හා රතු ළූණු ඩෙංගු රෝගය සඳහා ඖෂධයක් ලෙස යොදා ගැනීමට හැකි ද යන්න පිළිබද පර්යේෂණ කටයුතු සිදුකරන බවයි.

rn

[MP3]s61676_3[/MP3]



කොරෝනා ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයින් 15ක් සුවය ලබයි
Saturday, 30 May 2020 - 11:51

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ නාවික හමුදාවේ තවත් පහළොස් දෙනෙකු... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Saturday, 30 May 2020 - 11:01

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ සයිබර් ප්‍රහාරයෙන් අක්‍රිය වූ වෙබ් අඩවි ප්‍රකෘතිමත් කිරීමට පියවර
Saturday, 30 May 2020 - 10:55

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් අඩපණ වී ඇති රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ... Read More