LTTE යේ ගොබෙල්ස් පිළිවෙත ඇමති ජී.එල්. හෙළි කරයි.

Tuesday, 25 June 2013 - 12:57

LTTE+%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකාවේ උතුරුකරයේ ජීවත් වන දෙමළ ජනතාවට රට හැර පළා යාමේ කිසිදු අවශ්‍යතාවක් පැන නැගී නැතැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.  ඕස්ට්‍රේලියානු රූපවාහිනී සේවාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ දැන් ශ්‍රී ලංකාවේ අනෙකුත් කිසිදු ප්‍රදේශයකට වඩා උතුරුකරයේ සංවර්ධනය කෙරෙහි රජය විශේෂ අවධානය යොමු කරන බවයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය ශ්‍රී ලංකාව තුළ යුධමය වශයෙන් පරාජය කළත් ජාත්‍යන්තරය තුළ තවදුරටත් පැහැදිලිව ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ඔවුන් ජාත්‍යන්තර සංවිධාන සහ දේශපාලනඥයන්ගේ සහායෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රචාරක ව්‍යාපාරයක් ද ආරම්භ කර තිබෙනවා. යුද්ධයේ දී සිවිල් වැසියන් 40,000ක් මිය ගිය බව අද (25) ප්‍රචලිත වී ඇති කරුණක්. එහෙත් එය මුසාවක්, අඛණ්ඩව ප්‍රචාරය කිරීමෙන් සත්‍යයක් ලෙස පෙන්වීමේ ගොබෙල්ස් න්‍යාය අනුව සිදුවූවක් බවයි අමාත්‍ය ජී.එල්. පීරිස් සඳහන් කළේ.

[MP3]s61703[/MP3]



ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මධුශංක තවදුරටත් රිමාන්ඩ්
Tuesday, 02 June 2020 - 13:25

හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර... Read More

කොරෝනා නිසා සංචාරක කර්මාන්තයේ ආදායම, සියයට 70කින් පහළට
Tuesday, 02 June 2020 - 13:19

පසුගිය මාර්තු මාසයේ මෙරට ආනයනයන් ඇමරිකානු ඩොලර් බිලියන 1.2... Read More

මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 823 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 13:03

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 12 දෙනෙකු පූර්ණ සුවය... Read More