කල්අඩියේ විරෝධතාව විසඳිමට ගිය ප්‍රාදේශීය ලේකම්ට ප්‍රහාරයක්.

Tuesday, 25 June 2013 - 13:01

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරයාට සහ ඔහුගේ රියදුරාට අද (25) පෙරවරුවේ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පුත්තලම ප්‍රාදේශීය ලේකම් එම්.ආර්.එම්. මලික් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ පුත්තලම - කුරුණෑගල මාර්ගයේ කල්අඩිය මංසන්ධියේ අද (25) පෙරවරුවේ ආරම්භ වූ  විරෝධතාවයක් පිළිබද සොයා බැලීමට ගිය අවස්ථාවේදී තමාට සහ රියදුරාට මෙලෙස එම ස්ථානයේ සිටි පිරිසක් පහර දුන් බවයි. පහරකෑමට ලක්වූ ප්‍රාදේශීය ලේකම්වරයාගේ රියදුරා මේ වන විට පුත්තලම මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. තමන්ට සිදුවූ පහරදීම පිළිබදව පැහැදිලි කරන පුත්තලම ප්‍රාදේශීය ලේකම් එම්.ආර්.එම්. මලික්.

 

[MP3]s61705_1[/MP3]                                     

 

පුත්තලම - මදුරගම ප්‍රදේශයේ පුද්ගලයෙකු දර කැඞීම සදහා කැළයට ගිය අවස්ථාවේදී වන අලි අලි ප්‍රහාරයකට ලක්ව අද (25) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එම සිද්ධියෙන් කුපිත වූ මදුරගම ප්‍රදේශවාසීන් මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය මාර්ගයට ගෙන විත් උද්ඝෝෂණයේ නිරත වුණා. මේ නිසා පුත්තලම - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කල්අඩිය මං සන්ධියෙන් මාර්ගය අවහිර වී ඇති බවයි හිරු  වාර්තාකරු සදහන් කළේ. උද්ඝෝෂණයේ නිරත වූවන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ තමන් මුහුණ දෙන වන අලි ගැටළුව විසදීමට බලධාරීන් කඩිනමින් කටයුතු කළ යුතු බවයි.

 
[MP3]s61705_2[/MP3]                      

 

ප්‍රාදේශීය ලේකම්වරයා උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට පැමිණි අවස්ථාවේදී ඇති වූ තත්ත්වය පිළිබද පැහැදිලි කරන හිරු පුත්තලම වාර්තාකරු හිරාන් ප්‍රියංකර.

 

[MP3]s61705_3[/MP3]
 

ප්‍රාදේශීය ලේකම්වරයාට එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළ කරමින් පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් අද (25) දහවල් තම කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. එහිදී අදහස් දැක්වූ උද්ඝෝෂණයේ නිරත වූ කාර්යාල සේවකයෙක්.

 
[MP3]s61705_4[/MP3]



තවත් කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු සුවය ලබා පිටව යයි
Wednesday, 27 May 2020 - 13:46

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 20 දෙනෙකු පූර්ණ සුවය... Read More

රාජිත සේනාරත්න ජුනි 10 දක්වා රිමාන්ඩ් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 13:38

පසුගිය ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුදු වෑන්... Read More

බද්ද වැඩිවීමෙන් අත්‍යාවශ්‍ය ආහාර කිහිපයක මිල ඉහළට
Wednesday, 27 May 2020 - 13:20

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ නැංවීම හේතුවෙන් වෙළඳපොලේ සීනි ඇතුලු... Read More