වාස් ගුණවර්ධන යළි රිමාන්ඞ්. - බිරිඳටත් නොතීසි.

Tuesday, 25 June 2013 - 13:04

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A.+-+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%93%E0%B7%83%E0%B7%92.

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මොහොමඞ් සියාම් නැමැත්තාව පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (25) අධිකරණයට ඉදිරිපත් කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ජුලි 9 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා. වාස් ගුණවර්ධනගේ බිරිද වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා සාක්ෂිකරුවන්ට බලපෑම් සහ තර්ජන කර ඇතැයි ද රහස් පොලීසිය අද (25) අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව ඇයට ද ජුලි 9 වන දා අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ.එම්. සහබ්දීන් නියෝග කළා.

 

සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන අද (25) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළේ බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේයි. අධිකරණයෙන් සැකකරුගේ බිරිදට දැනුම් දුන්නේ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසයි.කෙසේ වෙතත් බිරිද අද (25) අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

 
පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර පරීක්ෂණ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා. අදාළ අපරාධයට යොදා ගත් බවට සැක කෙරෙන වාහනය තුළ තිබී ලේ පැල්ලම් කිහිපයක් සොයා ගත් බව ද එම වාර්තාවේ සදහන්. ඒවා ඞී.එන්.ඒ පරීක්ෂණයක් සදහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කළ බව එහි දැක්වුණා.



පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 6.55ට
Saturday, 30 May 2020 - 18:02

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1563ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 17:45

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1563ක් දක්වා... Read More

ගංවතුර අවදානම පහව යයි
Saturday, 30 May 2020 - 17:11

වර්ෂාවත් සමග ඉහළ ගිය ගංගාවල ජල මට්ටම මේ වනවිට පහළ යමින් පවතින... Read More