බාල ඞීසල් ගෙන්වා ඇත්තේ බාල පෙට්‍රල් ගෙනා සමාගමෙන්මයි.

Tuesday, 25 June 2013 - 13:17

%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD+%E0%B6%9E%E0%B7%93%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.

බාල ඞීසල් මෙටි‍්‍රක් ටොන් 40,000 මෙරටට ගෙන්වා ඇත්තේ මීට පෙර ප්‍රමිතියෙන් තොර පෙට්‍රල් ගෙන්වූ සිංගප්පුරුවේ ඉනොක් සමාගමෙන් බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති පවසනවා. 2011 වසරේ දී අදාළ සමාගමෙන් පෙට්‍රල් මෙටි‍්‍රක් ටොන් 20,000ක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මෙරටට ආනයනය කර තිබූ අතර, ඉන් බෙදා හැර තිබුණේ මෙටි‍්‍රක් ටොන් 17,500ක් පමණයි. එම පෙට්‍රල් භාවිත කර ධාවනය කළ රථ බොහොමයක් විවිධ කාර්මික දෝෂවලට ලක්වුණා. පසුව එවකට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය ධුරය හෙඹවූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කළ අතර, එම කමිටුව විසින් නිර්දේශ කරනු ලැබුවේ අදාළ සමාගම හරහා මෙරටට ගෙන්වා ඇත්තේ තත්ත්වයෙන් බාල ඉන්ධන බවයි. එසේ තිබියදී නැවත වරක් එම සමාගමෙන්ම ප්‍රමිතියෙන් බාල ඉන්ධන ගෙන්වීම ගැටළුසහගත බවයි ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ ලේකම් ආනන්ද පාලිත කියා සිටියේ.

 

[MP3]s61712_1[/MP3]                                                                                         

 

අප මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ද විමසීමක් කළා. එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික බන්දුල සමන් කුමාර කියා සිටියේ අදාළ ඞීසල් තොගය ගෙන්වීම සඳහා ඉදිරිපත් කර තිබූ ටෙන්ඩරයට අවම ලන්සුව ඉදිරිපත් කර තිබුණේ එම සමාගම බවයි. එම නිසා සිංගප්පූරුවේ ඉනොක් සමාගමට මෙම ඞීසල් තොගය ද ගෙන්වීමට අවසර ලබාදුන් බව තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයා ප්‍රකාශ කළා.

 

[MP3]s61712_2[/MP3]



මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1648 දක්වා ඉහලට
Tuesday, 02 June 2020 - 19:01

ඩුබායි සිට පැමිණි තවත් අයෙකුට කොරෝනා අසාදනය වී ඇති බව අනාවරණ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1647 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 18:32

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1647 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ... Read More

මොරටුවේ හෝටල් හිමිකරුවෙකුගෙන් කප්පම් ඉල්ලූ 37 හැවිරිදි සැකකරු අත්අඩංගුවට
Tuesday, 02 June 2020 - 18:13

මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකුගෙන් කප්පම්... Read More