උතුරු ඉන්දියාවේ සමූහ ආදාහන.

Tuesday, 25 June 2013 - 18:37

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%B1.

උතුරු ඉන්දියාවට බලපෑ  ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. මේ වනවිට බද්‍රිනාත්  පන්සල අසල අවතැන්ව සිටින පුද්ගලයින් 6 000 ක් පමණ ගලවා ගැනීමේ කටයුතු සඳහා හෙලිකොප්ටර් යොදවා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ගං වතුරින් සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 600 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව මේ වනවිට තහවුරු වී තිබෙනවා. මියගිය පුද්ගලයන්ගේ ආදහන කටයුතු සමූහ වශයෙන් සිදුකිරීමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ.