පොසොන් කූඩු තරඟයට ගිය වැලිඔය සිසුන්ට සනීපාරක්ෂක තුවා සහ රේසර් තෑගි.

Tuesday, 25 June 2013 - 18:44

%E0%B6%B4%E0%B7%9C%E0%B7%83%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%96%E0%B6%A9%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%94%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B6%B1%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%9A%E0%B7%83%E0%B6%BB%E0%B7%8A+%E0%B6%AD%E0%B7%91%E0%B6%9C%E0%B7%92.

පොසොන් පොහොය නිමිත්තෙන් පැවැති කූඩු තරගයට ඉදිරිපත්වු දහම් පාසල් සිසුන් සඳහා ලබාදී තිබූ අපූරු තෑගි පාර්සල් පිළිබඳ පුවතක් වැලිඔය සම්පත්නුවර ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අද (25) වාර්තාවුණා.  

පොසොන් බැති ගී සංදර්ශනයක් සහ පහන් කූඩු තරඟයක් ඊයේ රාත්‍රියේ මෙලෙස සංවිධාන කර තිබුණේ වැලිඔය - සම්පත්නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි. ප්‍රදේශයේ සියලූම දහම් පාසල්වල සිසුන්ට ඊට සහභාගි වන ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් මීට පෙර දැනුම්දී තිබුණා. සියලූම දහම් පාසල්වල සිසුන් තරඟය සඳහා කූඩු ඉදිරිපත් කර තිබුණේ එම දැනුම්දීම අනුවයි. ඒ අනුව ඊයේ රාත්‍රියේදී තරඟය පැවැත්වුණු අතර සහභාගීත්වය වෙනුවෙන්ද සියලූම සිසුන්ට ත්‍යාග ප්‍රදානයක්ද සිදු කෙරුණා. එම තෑගි සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුග්‍රහය දක්වා තිබුණේ මෙරට ක්‍රියාත්මක ස්වේච්ඡා සංවිධානයක්.

එහිදී සහභාගීත්වය වෙනුවෙන් සැනසිලි ත්‍යාග වැඩිවශයෙන් හිමිවූයේ වයස අවුරුදු 11 ත් 12 ත් අතර පාසල් සිසුන්ටයි. තෑගි ප්‍රදානෝත්සවයෙන් අනතුරුව තමන්ට හිමිවූ ත්‍යාග පාර්සල් දෙමව්පියන් සහ දරුවන් එක්ව එම ස්ථානයේදීම විවෘත කළා. එහිදී දෙමව්පියන් සහ කුඩා දරුවන්ද මහත් පුදුමයට පත්වූයේ තමන්ට ලැබී තිබුණු තෑගි පාර්සල් තුළ රැවුල කැපීමට ගන්නා රේසර්, දන්තාලේප සහ කාන්තා සනීපාරක්ෂක තුවා ඇතුළත්වීම හේතුවෙන්. එය දැකීමත් සමග තමන් දරුවන් ඉදිරියේ මහත් අපහසුතාවයට පත්වූ බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ දෙමව්පියන් කිහිපදෙනෙකු සඳහන් කළේ.

[MP3]s61726_1[/MP3]                            

තමන්ට හිමිවූ තෑගි පාර්සලය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ කුඩා දරුවෙක්.

[MP3]s61726_2[/MP3]                                       

කෙසේ වෙතත් වැලිඔය හිරු වාර්තාකරු සඳහන් කළේ කුඩා දරුවන්ට ලබාදී තිබූ තෑගි පාර්සලයේ අඩංගු ද්‍රව්‍ය පිළිබඳව එහි පිටත ආවරණයේ සටහනක් යොදා තිබූ බවයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වැලිඔය සම්පත්නුවර ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.දීපාල් නිශාන්ත සිරිමාන්නගෙන් විමසීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වුණා. අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශය වැලිඔය සම්පත්නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ද විමසීමක් කළා. එහි නිලධාරියෙකු සඳහන් කළේ තමන් මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි.  තෑගි ලබාදීමට අනුග්‍රහය දැක්වූයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නොව අදාළ ස්වේච්ඡා සංවිධානය බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ අතර පුත්තලම ප්‍රාදේශීය ලේකම් එම්.ආර්.එම්. මලික්ට සහ ඔහුගේ රියදුරුට අද පෙරවරුවේ ප්‍රහාරයක්  එල්ලවී තිබුණා. පුත්තලම - කුරුණෑගල මාර්ගයේ කල්අඩිය මංසන්ධියේ අද පෙරවරුවේ පැවති විරෝධතාවයක් පිළිබඳව සොයාබැලීමට ගිය අවස්ථාවේදී ඔවුන්ට මෙම ප්‍රහාරය එල්ලවූයේ. පුත්තලම - මදුරගම ප්‍රදේශවාසීන් විසින් අද මෙම විරෝධතාවය පැවැත්වූයේ ප්‍රදේශයට එල්ලවන වන අලි තර්ජනවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්. මේ වනවිට වයඹ පළාත් සභාවේ වනජීවි නිලධාරින් පැමිණ ප්‍රදේශයේ සැරිසරන වන අලින් පළවා හැරීමට අදාළ කටයුතු සිදුකරමින් පවතින බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.