කහවත්ත - කොටකෙතනින් යළිත් පැමිණිලි.

Tuesday, 25 June 2013 - 18:46

%E0%B6%9A%E0%B7%84%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+-+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%9A%E0%B7%99%E0%B6%AD%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92.

රත්නපුර - කහවත්ත කොටකෙතන ප්‍රදේශයේදී පසුගිය සමයේ අතුරුදන්වූ පුද්ගලයින් දෙදෙනෙකුගේ ඥාතීන් කහවත්ත පොලීසියට අද (25) යළිත් පැමිණිලි දෙකක් ඉදිරිපත් කළා. ඒ, එවකට එම ප්‍රදේශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන කොටකෙතන ඝාතන රැල්ල මැඩලීම සඳහා පැමිණ සිටි කාලයේ තම ඥාතීන් අතුරුදන් වූ බව පවසමින්. පැමිණිල්ල ඉදිරිපත් කළ පුද්ගලයන් දෙදෙනා මෙලෙස හිරු ප්‍රවෘත්ති අංශයට ඒ පිළිබඳව අදහස් පළ කළා.

[MP3]s61727[/MP3]                             

මේ අතර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ජුලි මස 9 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කළා. ඒ, මීට අදාළ නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ.එම්. සහබ්දීන් හමුවේ විභාගයට ගත් අවස්ථාවේදියි. එමෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිදට ජුලි 9 වන දා අධිකරණයේ පෙනී සිටින ලෙස ද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඒ, මෙම නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කර ඇති බවට රහස් පොලීසිය අධිකරණයට කරනු ලැබූ දැනුම් දීමකට අනුවයි. බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මොහොමඞ් සියාම් නැමැත්තා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මතයි වාස් ගුණවර්ධන ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ.



ETI සමාගම් 12 ක අයිතිය සහ අධ්‍යක්‍ෂවරුන් විවිධ අවස්ථාවලදී වෙනස්වී ඇති බව කොමිසමේදී හෙළිවෙයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 19:50

ඊ.ටී.අයි. ව්‍යාපාර සමූහය තුළ ඇති සමාගම් දොළහේ ඇතැම් සමාගම්වල... Read More

අගමැති මහින්ද වැනි දේශපාලන දැවැන්තයෙකු සමඟ සජිත් සැසඳිය නොහැකියි - නවීන් දිසානායක (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 19:40

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වැනි දේශපාලන දැවැන්තයෙකු සමඟ... Read More

ලොව පුරා කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළට
Tuesday, 02 June 2020 - 19:34

ලොව පුරා රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව... Read More