13 ට අදාළ යෝජනාවකට, වම දකුණෙන් එරෙහි වී සබරගමුවේදී එකඟ වෙයි.,

Tuesday, 25 June 2013 - 18:53

13+%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B7%8F%E0%B7%85+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7%2C+%E0%B7%80%E0%B6%B8+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%93+%E0%B7%83%E0%B6%B6%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.%2C

පළාත් සභා දෙකක් හෝ කිහිපයක් ඒකාබද්ධ කිරීම කළ නොහැකිවීම සහ සියලූ පළාත් සභාවල එකඟතාව වෙනුවට බහුතර පළාත් සභාවල එකඟතා මත තීරණ ක්‍රියාත්මක කිරීම යන යෝජනා දෙක අද දිනයේ පළාත් සභා දෙකකදී සම්මත වුණා. ඒ, දකුණ සහ සබරගමුව පළාත් සභාවලදියි.

එහෙත් මෙම යෝජනාව ගෙන ආ විට දකුණු පළාත් සභාවේදී ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්. ඒ, එම යෝජනාවේ දෙවන කරුණ සම්බන්ධයෙන්. එහි දැක්වුණේ යම් විෂයක් ගැන තීරණ ගැණීමේදී සියලූ පළාත් සභාවල එකඟතාව ලබාගැනීම වෙනුවට බහුතර පළාත් සභාවල කැමැත්ත මත අදාළ තීරණ ක්‍රියාත්මක කළ හැකි බවයි.

මෙම කරුණට එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් 7 දෙනෙකුද විරුද්ධව ඡන්දය භාවිතා කළා. අවසානයේ එය සම්මත වූයේ එක් වැඩි ඡන්දයකින්. යෝජනාවට පක්ෂව ඡන්ද 22 ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 21 ක් ලැබුණා.

විරුද්ධව ඡුන්ද භාවිත කළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් 7 දෙනා අතර සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය බින්දු වීරසිංහ තමන් එරෙහි වූ හේතුව මෙසේ පැහැදිළි කළා.

[MP3]s61728_1[/MP3]              

කෙසේ වෙතත් මීට පෙර  කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිවූයේ පළාත් සභා දෙකක් හෝ කිහිපයක් ඒකාබද්ධ කිරීමට  13 වන සංශෝධනය යටතේ තිබූ හැකියාව ඉවත් කිරීමේ යෝජනාවට පමණයි. ඒ පිළිබඳ පසුගිය 13 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැහැදිළි කළ අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල.

[MP3]s61728_2[/MP3]                   

මේ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිළි කරගැනීම සඳහා 13 වන සංශෝධනය වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙකු වන රෙජිනෝල්ඞ් කුරේටද අප කථා කළා.

[MP3]s61728_3[/MP3]                     

එහෙත් දකුණු පළාත් සභාවේ මහ ඇමති ශාන් විජේලාල් ද සිල්වා පවසන්නේ තමන් යෝජනාව ඉදිරිපත් කළේ පක්ෂයේ අනුදැනුම මත බවයි.

[MP3]s61728_4[/MP3]                         

මෙසේ පැවතියදී දකුණු පළාත් සභාවට සහ සබරගමු පළාත් සභාවට අද එම කරුණ සහ බහුතර පළාත් සභාවල අනුමැතිය ප්‍රමාණවත්ය යන කරුණද යෝජනාවක් ලෙස ඉදිරිපත් වුණා. එය පිළිගත නොහැකි බවයි දකුණු පළාත් සභාව නියෝජනය කරන වමේ මන්ත්‍රීවරයෙකු වන සමසමාජ පක්ෂයේ බද්දේගම සමිත හිමියන් පැවසුවේ.

[MP3]s61728_5[/MP3]            

මේ නිසා අද දකුණු පළාත් සභාවට ගෙනා යෝජනාවට සමිත හිමියන් පමණක් නොව කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරන තුන්දෙනාද එරෙහිවුණා. එහෙත් සබරගමුව පළාත් සභාවේදී දක්නට ලැබුණේ  ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක්. එහිදී අදාළ කරුණු දෙකටම පක්ෂව සමසමාජ, කොමියුනිස්ට් සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ මන්ත්‍රීවරුන් තුන්දෙනාද ඇතුලූ සන්ධානයේ සියලූ මන්ත්‍රීවරුන් පක්ෂව ඡුන්දය භාවිත කළා. එම පළාත් සභාවේ වම නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ මන්ත්‍රී නමින්ද අනුරප්‍රිය වමේ මතවාදය මෙසේ පැහැදිළි කළා.

[MP3]s61728_6[/MP3]       

අදාළ කරුණට වමේ පක්ෂ දකුණේදී එරෙහි වී සබරගමුවේදී එකඟවීම ගැන අප ලංකා සමසමාජ පක්ෂයේ නායක ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණගෙන් විමසීමක් කළා.

[MP3]s61728_7[/MP3]                               

හෙට දිනයේ 13 වන සංශෝධනය වෙනස් කෙරෙන මෙම කරුණු දෙකම වයඹ පළාත් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය පවසන්නේ 13 වන සංශෝධනයේ ඉදිරි පියවර ගැන ආණ්ඩුවට නිශ්චිත දැක්මක් තවමත් නොමැති බවයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිලිබඳ අදහස් දැක්වූ එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක.

[MP3]s61728_8[/MP3]           



ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More

අනුරාධපුර - කීරික්කුලම කසළ බැහැර කිරීමේ ගැටලුවට අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මැදිහත් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:49

අනුරාධපුර - කීරික්කුලම කසළ බැහැර කිරීමේ ස්ථානය ක්‍රමවත්ව... Read More