උතුරට, වයඹට සහ මධ්‍යමට මුස්ලිම් කොංග්‍රසය තනියෙන්.

Wednesday, 26 June 2013 - 7:21

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%2C+%E0%B7%80%E0%B6%BA%E0%B6%B9%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%AD%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.

උතුරු, වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණය සඳහා තමන් ස්වාධීනව තරඟ කිරීමට  දැනට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ප්‍රකාශ කළා. එහි ජාතික සංවිධායක ශෆීක් රාජාබ්ඞීන් සඳහන් කළේ ඒ පිළිබද දැනටමත් සාකච්ඡා පවත්වා ඇති බවයි. උතුරු පළාත් සභා මැතිවරණයට තරග කිරීමේදී ආණ්ඩුව සමග ගිවිසුමක් නොමැති බව ද ඔහු කියා සිටියා.  

 
[MP3]s61746_1[/MP3]   

 

මේ අතර කොළඹ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක 13 වන සංශෝධනය පිළිබදව මෙලෙස අදහස් පළ කළා.

 

[MP3]s61746_2[/MP3]                                             

 
ඊයේ (25) දිනයේ දී 13 වන සංශෝධනයට අදාළව පළාත් සභා දෙකකට ඉදිරිපත් වූ යෝජනා සම්මත වුණා. ආණ්ඩුව එමගින් ඉදිරිපත් කර තිබුණේ පළාත් සභා දෙකක් හෝ කිහිපයක් ඒකාබද්ධ කිරීම කළ නොහැකිවීම සහ සියලූ පළාත් සභාවල එකඟතා වෙනුවට බහුතර පළාත් සභාවල එකඟතා මත තීරණ ක්‍රියාත්මක කිරීම යන යෝජනායි. දකුණු පළාත් සභාවේදී  ආණ්ඩු පක්ෂය නියෝජනය කරන  මන්ත්‍රීවරුන් පිරිසක් ද එහි දෙවන යෝජනාවට විරෝධය පළ කළ අතර සබරගමුවේ දී එසේ වූයේ නැහැ. කෙසේ වෙතත් දකුණු පළාත් සභාවේ වමේ පක්ෂ යෝජනාවට විරෝධය පළ කිරීමේ දී සබරගමුව පළාත් සභාවේ වමේ පක්ෂ ඊට කැමැත්ත පළ කිරීම ද විශේෂත්වයක්.



ජනාවාසකරණය වන දෙවනගල (වීඩියෝ)
Saturday, 30 May 2020 - 21:19

ඓතිහාසික දෙවනගල රජමහා විහාරය අවට භූමිය අනවසරයෙන් ආක්‍රමණය... Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයේදී පල්ලි - හෝටල් ඉලක්ක වූයේ ඇයි ? - ජනපති කොමිසමේදී හෙළිවෙයි (වීඩියෝ)
Saturday, 30 May 2020 - 20:53

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව ISIS ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් බවට... Read More

සතුරා හඳුනාගෙන ඇතැයි සමගි ජනබලවේගය කියයි (වීඩියෝ)
Saturday, 30 May 2020 - 20:17

සතුරා හඳුනා ගෙන ඇතැයි ජාතික සමගි ජනබලවේගය නියෝජනය කරන, හිටපු... Read More