අලූත්ගම දුම්රිය අනතුරෙන් කාන්තාවන් 06 දෙනෙකු මරුට.

Wednesday, 26 June 2013 - 7:32

%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+06+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

අලූත්ගම දුම්රිය ස්ථානයට නුදුරින් වූ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී ඊයේ (25) පස්වරුවේ වෑන් රථයක් දුම්ිරියෙහි ගැටී සිදුවූ අනතුරෙන් කාන්තාවන් 6 දෙනෙකු  ජීවිතක්ෂයට පත්වුණා. පොලීසිය සදහන් කළේ අලූත්ගම, ඩිපෝ පාර පූර්වාරාම විහාරස්ථානය අසළ ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී මෙලෙස දුම්රියේ ගැටී ඇත්තේ පොසොන් සිරි නැරඹීමට යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් බවයි. ඔවුන් කළුතර - දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්. මරදානේ සිට හික්කඩුව බලා ධාවනය වූ දුම්රියෙහි වැදුණු වෑන් රථය මීටර් 200ක් පමණ ඇදී ගොස් අසළ පිහිටි ඇළකට වැටී තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පිරිමි පුද්ගලයන් 4 දෙනෙකු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කළ අතර ඉන් එක් අයෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණා. රෝහල්ගත කළ කාන්තාවක් ද අද (26) අලූයම මිය ගිය බවයි රෝහල් ප්‍රකාශයෙකු සඳහන් කළේ.

 

මිය ගිය කාන්තාවන් හය දෙනාගෙන් සිව් දෙනෙකු දොඩංගොඩ - අඹගහකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන්. වයස අවුරුදු 20ක, 14ක, 39ක සහ 52ක කාන්තාවන් ඒ අතර සිටිනවා. මිය ගිය 23 හැවිරිදි අනෙක් තරුණිය කළුතර - නාගොඩ - ගල්ලැස්සහේන ප්‍රදේශයේ පදිංචි තරුණියක්. අද (26) අලූයම නාගොඩ රෝහලේ දී මිය ගිය 21 හැවිරිදි තරුණියගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධියෙන් සුළු තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු ප්‍රතිකාර ලබාදීමෙන් පසු පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්. සිද්ධිය පිළිබඳව එම අවස්ථාවේ දුම්රියේ රැඳී සිටි මගීන් කිහිපදෙනෙකු මෙලෙස අදහස් පළ කළා.

 
[MP3]s61748_1[/MP3]                                             

 



සිද්ධියෙන් අනතුරුව ප්‍රදේශවාසීන් දුම්රිය මාර්ගය හරස් කරමින් විරෝධතාවයක නිරතවුණේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක මෙම අනතුර සිදුවීම හේතුවෙන්. ඒ නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතුවලට දැඩි බාධාවක් එල්ලවුණා. එම අවස්ථාවේදී හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ අලූත්ගම - ගනේගම ශ්‍රී පූර්වාරාම විහාරවාසී පූජ්‍ය වීරකැටියේ ජිනරතන හිමියන්.

 
[MP3]s61748_2[/MP3]