13 ගැන කතාවට නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් රැස්වෙයි.

Wednesday, 26 June 2013 - 13:03

13+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඉදිරියේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ සාකච්ජාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පැවැත්වෙනවා. අරලියගහ මන්දිරයේ පැවැත්වෙන මෙම හමුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව සිටින බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී කියා සිටියේ.

 

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු වහාම ඉටු කිරීමට රජය පියවර ගත යුතු බවයි කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ.

 

[MP3]s61783_1[/MP3]                                   

 

පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් රජයට නිවැරදි ස්ථාවරයක් නොමැතිවීම වර්තමානයේ උද්ගතවී ඇති අර්බුදකාරී තත්ත්වයට හේතුව බවයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද (26) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

 

[MP3]s61783_2[/MP3]                                      

 

මේ අතර, අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමේ ජාතික එකමුතුවේ සභාපති පූජ්‍ය රජවත්තේ වප්ප හිමියන් ප්‍රකාශ කළේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට කටයුතු කළ යුතු බවයි.

 

[MP3]s61783_3[/MP3]                                             

 

නැගෙනහිර පළාත් සභාවේ හිටපු මහ ඇමති, පළාත් සභා මන්ත්‍රී ෂිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පවසන්නේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට එරෙහි බලවේග සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි.

 

[MP3]s61783_4[/MP3]                                     

 

මේ අතර, පළාත් සභා දෙකක් හෝ කිහිපයක් ඒකාබද්ධ කිරීම කළ නොහැකිවීම සහ සියලූ පළාත් සභාවල එකඟතාව වෙනුවට බහුතර පළාත් සභාවල එකඟතා මත තීරණ ක්‍රියාත්මක කිරීම යන යෝජනා දෙක ඊයේ පළාත් සභා දෙකකදී සම්මත වුණා. ඒ, දකුණ සහ සබරගමුව පළාත් සභාවලදියි. දකුණු පළාත් සභාවේදී මීට අදාළ යෝජනාව සම්මත වුණේ එක් වැඩි ඡුන්දයකින්.

 

යෝජනාවට විරුද්ධව දකුණු පළාත් සභාව නියෝජනය ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 07 දෙනෙකු ඡුන්දය භාවිත කිරීමද විශේෂත්වයක්.



පළාත් කිහිපයකට අද පස්වරුවේත් වැසි
Saturday, 30 May 2020 - 14:16

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වීමත්... Read More

තවත් කොරෝනා ආසාදිතයන් 27ක් සුවය ලබයි - සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 781ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 13:59

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාරවලින් අනතරුව සුවය ලැබූ සංඛ්‍යාව... Read More

ඩිලාන් පෙරේරාගේ පියා වන හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
Saturday, 30 May 2020 - 13:13

හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ ජනාධිපති නීතිඥ, මාර්ෂල් පෙරේරා අද... Read More