හයකට මරු කැඳවු අලූත්ගම ඩිපෝ පාරට බම්බු ගේට්ටුවක්.

Wednesday, 26 June 2013 - 13:05

%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%A9%E0%B7%92%E0%B6%B4%E0%B7%9D+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B6%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%94+%E0%B6%9C%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

කාන්තාවන් 06 දෙනෙකුට මරු කැඳවු අලූත්ගම ඩිපෝ පාරේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයට තාවකාලික බම්බු ගේට්ටුවක් යෙදීමට දුම්රිය දෙපාර්තමේන්තුව සූදානම් වනවා. ඉතා කඩිනමින් එම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයට සංඥා ලාම්පු සහිත නවීන ගේට්ටුවක් සවි කිරීමට පියවර ගන්නා බවයි දුම්රිය ගමනාගමන අධිකාරී එල්.ඒ.ආර්. රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

 

මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී මීට පෙරද අනතුරු කිහිපයක් සිදුව තිබෙනවා. එහෙත් බලධාරීන් ඊට නිසි පියවර නොගත් බවයි එම ස්ථානයේ පිහිටි අලූත්ගම ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ විහාරවාසී පූජ්‍ය වීරකැටියේ ජිනරතන හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

 

[MP3]s61784_1[/MP3]                                                   

 

අප මේ පිළිබඳව දුම්රිය ගමනාගමන අධිකාරී එල්.ඒ.ආර්. රත්නායකගෙන් විමසීමක් කළා.

 
[MP3]s61784_2[/MP3]            

 

අලූත්ගම දුම්රිය ස්ථානයට නුදුරින් වූ මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ ඊයේ (25) පස්වරුවේ වෑන් රථයක් දුම්රියෙහි ගැටී සිදුවූ අනතුරෙන් කාන්තාවන් 06 දෙනෙකු  ජීවිතක්ෂයට පත්වුණා. පොසොන් සිරි නැරඹීමට යමින් සිටියදී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණපෑවේ කළුතර - දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්. සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පිරිමි පුද්ගලයන් 4 දෙනෙකු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කළ අතර ඉන් එක් අයෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණා.

 

මිය ගිය කාන්තාවන් හය දෙනාගෙන් සිව් දෙනෙකු දොඩංගොඩ - අඹගහකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඒ අතර, වෑන් රථයේ රියදුරුගේ 39 හැවිරිදි බිරිඳ සහ 14 හැවිරිදි දියණියද වනවා. කෙසේ වෙතත්, සිද්ධියෙන් සුළු තුවාල ලැබූ 45 හැවිරිදි වෑන් රථයේ රියදුරු ප්‍රතිකාර ලබාදීමෙන් පසු පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. 



තොණ්ඩමන්ගේ දේහය රැගත් රිය පෙරහර නෝර්වුඩ් ක්‍රීඩාංගණය වෙත
Sunday, 31 May 2020 - 15:02

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය රැගත් රිය... Read More

පරන්තන් - පූනරීන් ප්‍රධාන මාර්ගයේ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
Sunday, 31 May 2020 - 14:56

කිලිනොච්චිය, පරන්තන් ප්‍රදේශයේදී ටිපර් රථයකට යතුරුපැදියක්... Read More

හිරු පුවතින් පසු මොණරාගල වට්ටක්කා ගොවීන්ට විසඳුම් (වීඩියෝ)
Sunday, 31 May 2020 - 14:26

දැඩි අසීරුතාවයකට පත්ව සිටි මොණරාගල ප්‍ර දේශයේ වට්ටක්කා ගොවීන්ගේ... Read More