පුත්තලමේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 16 ක වැඩ නවතියි.

Wednesday, 26 June 2013 - 13:07

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+16+%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%92.

පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරයාට සහ ඔහුගේ රියදුරුට පහරදීමේ සිද්ධියට විරෝධය පළ කරමින් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවකයින් අද (26) උදෑසන සේවයෙන් ඉවත් වී විරෝධතාවයක නිරත වුණා. හලාවත, වෙන්නප්පුව, පුත්තලම යන නගරවල පැවැති මෙම විරෝධතාවයන් සඳහා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල දහසයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ද එක්ව සිටි බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. පුත්තලම නගරයේ පැවති විරෝධතාවය පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලින් ආරම්භ වූ අතර, විරෝධතාකරුවන් ඊට එක්ව සිටියේ කළු පටි පැළඳ, කළු කොඩි අතැතිවයි.

 

පුත්තලම ප්‍රාදේශීය ලේකම් එම්.ආර්.එම්. මලික් සහ ඔහුගේ රියදුරාට ඊයේ මෙම ප්‍රහාරය එල්ල වුණේ පුත්තලම - කුරුණෑගල මාර්ගයේ කල්අඩිය මංසන්ධියේ දීයී. ඒ, වන අලියෙකුගේ පහරකෑමකින් පුද්ගලයෙකු ජීවික්ෂයට පත්වීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් පැවැති උද්ඝෝෂණයක් පිළිබඳව කරුණු සොයා බැලීමට ගිය අවස්ථාවේදීි.

 

පුත්තලම නගරයේ අද පැවති විරෝධතාවයෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු පුත්තලම අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.එල්.එම්.සී. බණ්ඩාර.

 

[MP3]s61785_1[/MP3]        

 

හලාවත නගරයේ පැවති විරෝධතාවය අතරතුර අදහස් දැක්වු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් එච්.එස්.එස්. ලූසේනා.

 

[MP3]s61785_2[/MP3]      

 

පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරයාට සහ ඔහුගේ රියදුරුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ. පහරකෑමට ලක්වු ප්‍රාදේශීය ලේකම්වරයා පුත්තලම රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ පහරදුන් පුද්ගලයින් මේ වනවිට හඳුනාගෙන ඇති බවයි. ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වන බවද එම උසස් පොලිස් නිලධාරීයා කියා සිටියා.

[JPG]61785_1[/JPG]

[JPG]61785_2[/JPG]

[JPG]61785_3[/JPG]

[JPG]61785_4[/JPG]

ඡායාරූප - අමිල බුද්ධික - පල්ලම