ගිලාඞ් සමුගනී. රඞ් මුල් පුටුවට.

Thursday, 27 June 2013 - 8:15

%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%9E%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.+%E0%B6%BB%E0%B6%9E%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7.



 

 ඕස්ට්‍රේලියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු අගමැති කෙවින් රඞ් යළි දිවුරුම් දී තිබෙනවා.  ඕස්ට්‍රේලියාවේ කම්කරු පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් එම පක්ෂ ව්‍යවස්ථාව අනුව සාමාජිකයන්ගේ ඡුන්ද විමසීමක් පැවැත්වුණා. එහිදී  ඕස්ට්‍රේලියානු අගමැතිනි ජූලියා ගිලාඞ් පරදා පක්ෂ නායකයා වශයෙන් හිටපු අගමැති කෙවින් රඞ් තේරී පත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඡුන්ද විමසීමෙන් පරාජයට පත්වීමත් සමග අගමැතිනි ජූලියා ගිලාඞ් සිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළා. එම තීරණයත් සමග කම්කරු පක්ෂයේ නායකයා වශයෙන් තේරී පත්වූ කෙවින් රඞ් යළි  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. මේ අතර ලබන සැප්තැම්බර් 14 වැනිදාට පෙර  ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බව  ඕස්ට්‍රේලියානු නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව කෙවින් රඞ් පවසා ඇති බවද සඳහන්.