ගම් 12 ක වැසියන් මහ පාරට.

Thursday, 27 June 2013 - 12:35

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+12+%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7.


 මොරගහකන්ද - මහවැලි ව්‍යාපාරය නිසා ඉඩම් අහිමිවීම ඇතුලූ ඉල්ලීම් 8 ක් මුල්කරගනිමින් ගම් 12 ක ජනතාව ඇලහැර - බකමූණ ප්‍රධාන මාර්ගය අවහිරවන ලෙස අද (27) පෙරවරුවේ විරෝධතාවයක් ආරම්භ කළා. උද්ඝෝෂණකරුවන් ඉල්ලා සිටියේ අහිමිවූ ඉඩම්වලට වෙනත් ඉඩම් හෝ ප්‍රමාණවත් වන්දි මුදලක් ලබාදෙන ලෙසයි. මෙම විරෝධතාවයට මොරගහකන්ද අවට තබරව, ගල්පෝරුගොල්ල, ඇලගමුව, තලාගොඩ මැද, පිහිල්ල, කඩවත, මොරගොල්ල, අඹන, කෝන්ගහවෙල, ගල්බඩ, ගම්මන්තැන්න සහ දහයකණුව ගම්මානවල ජනතාව එක්වී සිටිනවා. මෙම විරෝධතාවය හේතුවෙන් මේ වනවිටත් ඇලහැර - බකමූණ ප්‍රධාන මාර්ගය අවහිරවී ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ. කෙසේ වෙතත් විරෝධතාවයට එක්වූවන් කිහිපදෙනෙකු තමන් මුහුණදී ඇති අසාධාරණය පිළිබඳව මෙලෙස අදහස් පළ කළා.

[MP3]s61845_1[/MP3]

ගම්වාසීන් ඉදිරිපත් කරන ඉල්ලීම් පිළිබඳව අප මොරගහකන්ද ව්‍යාපෘති කළමනාකාර    ආර්.බී. තෙන්නකෝන්ගෙන් විමසීමක් කළා.

[MP3]s61845_2[/MP3]