මහනුවරින් තවත් පස් නිවුන් දරු උපතක්.

Thursday, 27 June 2013 - 19:09

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A.

මහනුවර මහ රෝහලේදී අද (27) දහවල් පස් නිවුන් දරු උපතක් සිදුවුණා. රෝහල් බලධාරින් ප්‍රකාශ කළේ දරුවන් සහ මව නිරෝගී සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි. මඩවල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ෆාතිමා ෆර්ජීඩියා තම පළමු දරු උපත ලෙස පස් නිවුන් දරුවන් බිහිකළේ සිසේරියන් සැත්කමක ආධාරයෙන්. මොහොමඞ් රිනාස් නමැති 32 හැවිරිදි මෙම දරුවන්ගේ පියා මේ වනවිට විදේශ ගත රැකියාවක නිරත වනවා. පස් නිවුන් දරුවන්ගෙන් සිව් දෙනෙකු පිරිමි ළමයින්. සැත්කමෙන් අනතුරුව එම සැත්මක මෙහෙයවූ මහනුවර මහ රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය කපිල ගුණවර්ධන හිරු ප්‍රවෘත්ති අංශය වෙත මෙලෙස අදහස් දක්වා සිටියා.

 

[MP3]s61872_1[/MP3]                                         

 

පස් නිවුන් දරුවන් බිහිකිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම දරුවන්ගේ මව වන ෆාතිමා ෆර්ජීඩියා.

 

[MP3]s61872_2[/MP3]                         

 

සැත්කම සිදුකිරීමේදී ඊට සහය දැක්වූ වෛද්‍ය ප්‍රදීප් කුමාරසිංහ ද සැත්කම සහ දරුවන්ගේ තත්ත්වය පිළිබඳව මෙලෙස හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වා සිටියා.

 

[MP3]s61872_3[/MP3]                                      

 

මෙම දරු උපත මෙරටින් වාර්තා වූ සිව්වන පස් නිවුන් දරු උපතයි. මීට පෙර 2004 වර්ෂයේදී කොළඹ ප්‍රදේශයේ පස් නිවුන් දරු උපතක් වාර්තා වූ අතර, 2012 වර්ෂයේදී මහනුවර මහරෝහලේදී මෙවැනිම පස් නිවුන් දරු උපතක් වාර්තා වුණා. එම වසරේදීම කොළඹ පෞද්ගලික රෝහලකදී තවත් පස් නිවුන් දරු උපතක් වාර්තා වී තිබුණා.