ඉන්දියාවේ ආපදා මරණ දහස ඉක්මවයි.

Friday, 28 June 2013 - 8:26

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92.



 

උතුරු ඉන්දියාවේ ජල ගැලීම් හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයන් සෙවීමේ ජීවිතාරක්ෂක මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. උත්තරාකාන්ද් ප්‍රාන්තය කේන්ද්‍රකොට ගෙන පසුගිය ජුනි 15 වැනිදා සිට පවතින වැසි ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව ද දැන් දහස ඉක්මවා තිබෙනවා. ආපදා කලාපයේ අතරමංව සිටි වන්දනාකරුවන් ඇතුළු ලක්ෂයක් පමණ ජනයා මේ වනවිට ඉවත් කරගෙන ඇතැයි සඳහන්. තවත් 4000 ක් පමණ එහි කඳුශිකරවල තනා ඇති කූඩාරම්වල රඳවා සිටිනවා. මෝසම් වැසි සමග උතුරු ඉන්දියාවේ ගංගා පිටාර ගැලීමෙන් එහි නිවාස හා ගොඩනැගිලි රැසක් විනාශයට පත්වූ අතර, හිමාල කඳු පෙළ ආසන්නයේ පිහිටි ගම්මාන රැසක් ජලයෙන් ගසා ගෙන ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. තවදුරටත් පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ජීවිතාරක්ෂක මෙහෙයුම් දුෂ්කරවී තිබෙනවා.